Friday, August 13, 2010

උණුහුම.....


වැහි කෝඩෙ හිරිකඩට....
තෙමීගෙන බාගෙට.....
සමර් හට් ගානෙ....
හීතලට ගුලිවෙලා....
මන්දාරම යට....
හරි හරියට..........
උඹ එක්ක ආයෙම......
හොයන්නට ඒ උණුහුම.....
නොහිතෙනවාමත් නෙමෙයි මට....
ඉඳහිට.........
මතක් වෙනකොටත්
ගැහෙනවා මයෙ හදවත.....
කෑ මොරදෙනවා
නොනැවතී
තනිකමින් ඔත්පළ වෙච්චි හිත....
Vuvuzelaවක් වගේ.....
අවට ගැන නොහිතම........

16 comments:

BLOG ගඩොල් said...

හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක්!!!

Abeetha Edirisinghe said...

හේමලයගෙ සිතිවිලි ගැන ඉතින් කවර කතාද?

ayesha said...

lassnay.....

Unknown said...

අමුතුම අමුතුයි,හරිම අමුතු සිතුවිලි,ලස්සනයි

Eranga Perera (Muthu Paba) said...

Moko me hitapu gaman shadow ta wune ?

Chamila said...

උඹ මටද බන් මේක ලිව්වෙ? වැදුනා හොඳටම... Vuvuzelaවක් වගේ තමයි. එකම Tone එකෙන්.....

චේජනා said...

Vuvuzela ව මම ඇහුවෙම අදමයි..

ඉලංදාරියා said...

මත්කයන් මියැදෙන්නේ නැහැනේ සහෝ නේද,,?

malithi said...

vuvuzela හඬක් වගේ හිතට දැනුනා. ලස්සනයි සහෝ

පිස්සා පලාමල්ල said...

බාගයක් නීට් ගැහුව වගේ වැදුන බන්.

ආයෙම හොයන්න ඒ උනුසුම...

මේක එළ බන්.

පිස්සා පලාමල්ල said...

මේ ගීතය මම ඇහුවෙ මීට මාස කීපයකට කලින්... ඊ මේල් එකකින් ආව පද පෙලට හිත ගිහින් ගීතය හොයා ගත්තා.

ලඟකදි අහපු ගීත වලින් ඉතාමත් ඉහල තලයේ තියෙන ගීතයක්.

" හිනහුනා ඔහු තම තනිකඩ යැයි කියා.... "

priyantha said...

උනුසුමක් හොයාගෙන...
ගිහින් වැඩ අනාගේන...
එපා තවත් ඇවිත්...
චුරු චැරු ගාන්නට...

ස්වප්නා said...

ඇහෙනවා...
හිත කෑ ගහනවා
හරියටම ඇහුණා

දැනෙනවා...
හිත රිදෙනවා
හරියටම දැනුණා

ඔබ හරිම දක්ෂයි

Naදී said...

කවි පෙළ අපූරුයි. ඒත් vuvuzela ක් කියන්නේ මොකක්දැයි කියා දෙන්න.නොදන්නකමට අහන්නේ.

Shadow/හේමලයා said...

@ Naදී
ලතින් අමෙරිකානු රටවල බිහිවෙච්චි දිග නලා වර්ගයක්.....පසු ගිය පාපන්දු ලෝක කුසලානය පුරාවට නරඹන්නන පිම්ඹේ ඔය vuvuzela අශ්‍රැතව හදපු නලා තමයි...:D.

සියල්ලන්ටම ස්තුතියි අදහස් වලට........:)..

තක්ෂිල said...

නියමයි!නියමයි අයියේ කියලා වැඩක් නෑ නියමට ම ලියලා තියනවා