Tuesday, August 17, 2010

කොස් ඇට බෑවීම.......


එක එකාගෙ කීමට....
වැඩිපුර
කැඳ ඉල්ලන්න ගිහින්
ඇන ගත්තේ
ඔලිවර්...
විතරමද?...

26 comments:

BLOG ගඩොල් said...

මම මේක කියවලා ආපහු අතිතයට ගියා.මට ඕ ලෙවල් විභාගෙදි අන්තිම ප්‍රශ්නෙ විදිහට ඔලිවර් ට්විස්ට් ගැන ලියන්න ඉතුරු වුණේ විනාඩි 5යි.ඒත් ආසකරන කතාවක් නිසා කොහොම හරි ලියලා දැම්මා...

අතීතයට ගෙනිච්චට ස්තුතියි මචෝ...

චමිදේවා said...

පිස්සුද හේමලයෝ...
මේ ඊයේ පෙරේදත් ඒකට උදාහරණයක් අපිට හම්බ උනේ....

මතක මංපෙත said...

SF ට සිද්ධ වුණු වැඩේ කොච්චර අසාධාරණ උනත්.....
එයත් හරියට මේ ඔලිවර් වගේම නේද....!!!!

දුමී said...

අනේ මම දැන්නෙ නැහැ . . . අපිටත් අහක ඉඳන් තොප්පි වැටෙනවද කොහෙද . . . .

Abeetha Edirisinghe said...

ඇයි බන් .. මර්වින් සිල්වා

Naදී said...

කෙටි උත්තරයක් දෙනවනම් "නෑ" කියල කියන්න පුලුවන්. අපි කවුරුත් කරන්නේ වැඩිපුර කැඳ ඉල්ලන්න ගිහින් ඇන ගන්න එක. පස්සේ කැඳත් නෑ ඇපත් නෑ.

Jay said...

මේක නම් නියමයි හේමලයෝ..

ඉලංදාරියා said...

නියමයි...

ආදේශකනම් ඔනේ තරම් නේ....?

හෙළයා said...

නෑ නේ.
නියමයි මචං

දිල් said...

අලුත් අලුත් විදියට හිතන අලුත් සිතිවිලි...නියමයි.......

තිස්ස දොඩන්ගොඩ said...

මමත් දිල්ගේ කථාවත් එක්ක බොහොම එකඟයි... නැවුම්ම සිතුවිලි...!

Unknown said...

නෑ නේන්නම්... එළ මචන්...

Anonymous said...

බොහොම පරණ කවියක් මතක් වුනා...

තනි විමනේ සිටිමුත් දුක නොලැබෙද්ද
පැණි මීයේ කෑමුත් පිත නැති වෙද්ද
මිණි බරණීන් සැදිමුත් ගත නොදිරත්ද
පැණි වරකා ගසටත් හෙණ නොවදීද

හැමදාම වගේ ෂැඩෝ මලයා වචන අඩු වෙන් ලියල අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරල...

Unknown said...

Ammapa.. me photo ekai umbe kawiyenui mata godak dewal mathak una....

ස්වප්නා said...

හ්ම්ම්ම් ඔව්. වචන අඩුවෙන්. හිතන්න දේවල් ගොඩයි :) ඔයාගෙ සිතුවිලි හරිම අගෙයි.

priyantha said...

කීදෙනෙක් වැඩියෙන් ඉල්ලන්න ගිහින් ඇණගෙන ඇද්ද? එදාට වඩා අද උදාහරන වැඩි ඇති. පිටු ගණනක් ලියන්න තියෙන දෙයක් වචන පෙලි කීපයකින් අපූරුවට ලියල තියෙන්නේ

ayesha said...

ඇත්තම තමයි

පබලු said...

ලොකු අදහසක් ..වචන කීපයකින්..

වැප් said...

වදින තැනකට :D

තක්ෂිල said...

අන්තිම‍ට කැදත් නෑ..හි.හි.හි.

පුතා said...

නෑ නේ.. තව කොච්චර එවුන් ඉන්නවද... තව කොච්චරක් ඉඳියිද...?

Chamila said...

වැඩිපුර කැඳ ඉල්ලන අය දැන් එන්ඩ එන්ඩ අඩු වෙනවා. දෙන දේ කාලා ඉන්න එකනෙ දැන් කරන්නෙ. ඇන ගන්ඩ හරි කැඳ ඉල්ලන අය ඉන්න එක හොඳයි නේද? හැබැයි එක එකාගෙ කීමට නන් නෙවෙයි. තමන්ට ඇත්තටම ඕනේ හින්දා....
නියම කවියක්....!!!

පිස්සා පලාමල්ල said...

උබ වචන 3 - 4ක් ලියනවා අපිට හිතන්න දේවල් 1000ක් දෙන්න... එළ.

Anonymous said...

අන්තිමට කැඳත් නැත ...;-(

Shadow/හේමලයා said...

ස්තුතියි සියල්ලන්ටම වටිනා අදහස් හා ප්‍රතිචාර වලට......:D

විහඟ ගීතය said...

කෙනෙකුගේ විපත තව කෙනෙකුගෙ සතුට
ඉතින්ං ඔහොමමයි මේ ලෝකය අපට
නැති බැරි එවුන් ඇති හැකි එවුනගේ කටට
පුළු පුළුවන් එකා කොයි වේලෙත් ගොඩට