Wednesday, August 18, 2010

අළු පාට හීන.....


දැලක පැටලිලා
පුංචි කුරුමිනියෙක්.....
දඟලනවා....
ගජරාමෙට....
ගැලවිලා යන්නට....
තව මොහොතක් හරි
වැඩිපුර ජීවත් වෙන්නට......
හිතෙනවා අතපොවා...
නිදහස් කරන්නට.....
පණ ගැහෙන ජීවිතය....
නෙත් ඉදිරිපිට....
ඒත් මොළය අනිනවා....
ඇඟිල්ලෙන් හිතට....
මොකද වෙන්නෙ....
මකුළුවාගෙ බඩගින්නට....

25 comments:

හරී said...

කවුද වැඩියෙන් අහිංසක, මකුළුවාද? කුරුමිණියාද?

Dinesh said...

niyamai machan............

හෙළයා said...

එදිනෙදා දකින දේ උඹ වචන කරන හැටි නියමයි මචං.

කුරැමිණියා බේරලා යවමු. ඔය වේල නොකෑවට මකුළුවා මැරෙන්නේ නෑ නේ.

෴ හසියා ෴ said...

දෙන්නම පව්...එක සතෙක්ගේ ජීවිතය.අනේක සතාගේ ආහාරය.
කාටත් නොහිතෙන දෙයක් අනර්ඝ නිර්මාණයක් බවට පත් කරලා.

@ හෙළයා
වැඩේනම් හොදයි.ඒත් හැමොම ඔහොම හිතලා මකුළුදැලේ පැටලෙන කෘමීන් නිදහස් කලොත් මකුළුවට මොකද වෙන්නේ....?
ඒ හින්ද ස්වභාවධර්මයාට ඉඩදීලා බලං ඉන්න එක නේද හොදම දේ....? :D
(මගේ අදහස පමණි.)

nimanthi said...

සොබා දහමට නොවන අවනත
සිත සඟවගෙන අහක බලමුද
ඇසිල්ලක් ඒ සිතට ඉඩදී
කුරුමිණියා බේරලා හරිමුද
දෙගිඩියාවෙන් ඒ සිතම...

AmilaArt said...

නියම අදහස

බුද්ධි said...

ම​ටත් ඕකම හිතිච්ච වාර ගණන අනන්තයි අප්‍රමාණයි නොවැ! සුබ පැතුම් යහලුව!

Pasan said...

අනේ මන්ද.. මෙයාටත් හිතෙන දේවල්.. අපිත් ඔය දැලේමනෙ පැටලිලා ඉන්නෙ.. සමහර අය අපිට අනුකම්පා කරනවා.. අනිත් අය බඩ ගැන හිතනව.. අපි තැලෙනව...

සහන් said...

මකුළුදැලත් කඩල මකුළුවත් මරල කුරුමිණියත් මරල දාන්න හිතෙන්නෙ ඔය වෙලාවට....

මතක මංපෙත said...

කුරුමිණියව නිදහස් කරල, ලේ බොන්න ආපු මදුරුවෙක්ව දැලේ එල්ලපං!!!
පොඩිකාලෙ මම කරේ තලපු මදුරුවො සේරම මකුළු දැල් වල එල්ලපු එක!!!
මේ ක්‍රමෙන් කුරුමිණියයි, මකුළුවයි, උඹයි තුන්දෙනාටම සතුටින් විසිර යන්න පුළුවන්.
මදුරුවනං ඉතින් කොහොමත් මැරෙන් එකනෙ!!!!!!

wath said...

ඒකව බේරල යැවුව කියමු. තව එකෙන් දෙකෙක් නැත්තම් ගොඩක් මේ දැලට අහුවෙනව. අපිට දැල ලගට වෙලා ඉන්නත් බැහැ... දැල ගලවලත් බැහැ...

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නැනැනැ....
( සුනිල් එදිරිසිංහ)

wath said...

@ මතක මංපෙත
ඩෙංගුත් නැති වෙනව නෙව..
ආහ් මලේ... අපිත් කොහොමත් මැරෙනව නේ..

මතක මංපෙත said...

@ wath
ඒකනෙ අක්කෙ!!!
අපිත් කවද හරි මැරෙනවනෙ!!!
ඒත් අප්ප මදුරුවො කාල මැරෙන්න දෙන්නෙ පුලුවන්ද!!!!
;-)

blog gadol said...

මමනං කරන්නෙ දැලට අහුවෙච්ච සතාව නිදහස් කරන එක.මකුලුවාට ගොදුර නැති වෙනවා තමයි.ඒත් ඉතිං අර සතාව මරණවා බලන් ඉන්න බෑ නොවැ!

චේජනා said...

ස්වභාවයට ඉඩ දීල බලාගෙන ඉඳිමු අපි, මට හිතෙන්නෙත් එහෙමයි

ස්වප්නා said...

අනේ මන්දා. මටත් හිතා ගන්න බෑ.

``` Outsider``` said...

මොනා කරන්නද? මකුඵවා මාංශ භක්ෂකයෙක්.
ඒත් මිනිස්සු එහෙම නොවීත් සතුන්ව මරාගෙන කන්නෙ. ඒ ‍වගේම තම වර්ගයාම මරා දමන්නෙ. සූරා කන්නෙ. උන්නතිකාමයෙන් පෙලෙන්නෙ.

ඒත් මකුඵවා උගේ කුසගින්න වෙනුවෙන් පමණක් ස්වභාවධර්මය ඌට දීපු දේ අනුගමනය කරනව.

priyantha.ඒබී said...

කුරුමිණියා පව් තමයි. එත් බැලුවම මකුලුවා හැමදාම ඌගෙම දැලට පැටලිලා නේද ඉන්නේ.
සොබා දහමට ඉඩදෙමු.
සුදුසු දේ ඇයි තීරනය කරයි.

ayesha said...

හැමතැනම තියෙන්නේ ඕක තමයි....ස්වභාවදහමේ නිතීය කියලා කියමු

චමිල said...

හදවත හා බුද්ධිය අතර ගැටුමක් වගේ..... මම නන් කියන්නෙ හදවතට ඉඩ දෙන්න. බේරලා යවන්න කුරුමිනියව....

sameeramls said...

දැල් වල පැටලිච්ච මිනිස්සුන්ට මොකද කරන්නේ?

පිස්සා පලාමල්ල said...

ඕක ලේසියෙන් උත්තර දෙන්න බැරි සීන් එකක්.

තක්ෂිල said...

ඔහොම තමයි යාළුවා.............

Naදී said...

මේකට උත්තරේ හොයන්න ගියාම මාත් දැලක පැටලුණා.කුකුළද බිත්තරේද ඉස්සරෝම ආවේ වගේ ප්‍රශ්නයක්. හිතන්න අපූරු පැතිකඩක්.

අනේ මන්දා..?? said...

කවිය නම් ලස්සනයි
අදහසත් හරි වටී
හිතන්නට බොහෝමයි
නමුත් සිත පෑටලිලියි....