Friday, August 20, 2010

බොළඳ සිතුවිලි.....



සාමයේ ගීතිකා...
නෑ ඇසෙන්නෙ නෑ.....
නුඹට ඇසෙනවද..
පවසන් සුමිතුර....
අප හැම පැතුමන්
ඉටුවේවිද හෙට...
නැති කිසි බාධා …..
වැට කොටු සීමා...
ලොවක් තැනෙන්නේ....
පවසන් කවදද.....

‍යුධ ගිනිදැල්
පවතින හැමකල්...
ලොව සැම රටවල්
තුල ඇත කඳුලැල්
කරමුද සුවපත්
ඇවිලෙන හදවත්
කෙලෙසක මිතුරේ....
මම නම් නොදනිම්...

සිත රැඳි ආශා
නෙත රැඳි මායා
දෙස බස රැස නම්
පවුරින් වටලා...
දුරලමු උදහස්
පරගැති අදහස්...
කෙලෙසක මිතුරේ....
මම නම් නොදනිම්...

13 comments:

මුදියන්සේ said...

ඕක වෙන්නෙ, ලෝකෙ මිනිස්සු තමන්ගෙ ආගමෙ ඇත්තටම කියල තියන ඒව අනුගමනය කරන දවසට තමයි

හෙළයා said...

දිවගියොත් අපි අපේ,
මාවත් මුලටම ආයෙත්
විසිපන්දහසකට එහා ගෙවී ගිය........
දැකගත හැකිවේවි අපට
විසිරැණු රැහිරය සතර අත
රක්ත දෑත් වැලමිට තෙක්.....
අරඹන්නේම එසේනම්
මිනිස් සංහතිය
කෙසේ, කුමකට බලාසිටිනුද ?
ගුවන් ගතවන පරවියන් දෙස,
නවතනු නොහැක මේ මිලේච්ඡ ගමන....


වටිනා නිර්මානයක් මිත්‍රයා. ගැටුම් අඩු කරන්නවත් උත්සාහ කරමු.

Anonymous said...

යුද්ධය කියන්නේ කවදාවත් ඉවර වෙන දෙයක් නෙමෙයි.....
නිර්මාණය ලස්සනයි........

෴ හසියා ෴ said...

යුද්ධයට ප්‍රධාන හේතුව තණ්හාව....
අපේ හිත්වල තණ්හාව ඇති තාක් ඇත්තේ යුද්ධයම පමණමයි.
( යුද්ධය = අපේ හිත්වල ඇති පුංචි යුද්ධ = සත්වයින් සත්වයින් අතර ඇති යුද්ධ )

ඉලංදාරියා said...

ආශාව තම හෙතුවෙලා තියෙන්නේ සහෝ ආශාව අතාරිනකම්...ඔය යුද්දය ..එලෙසමයි...

ලස්සන ..පද පෙලක් සහෝ

මතක මංපෙත said...

ඇත්තටම ලොකෙම වෙනස් කරන්න යන සමහර මිනිස්සුත් ඒක කරන්නෙ කොහොමද කියල දන්නව මංද!!!
මුළු ලෝකෙම සාමය ඇති කරන්න් කලින් තමන් ජීවත් වෙන කුඩා සමාජය තුල සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්නං!!!!
පට්ටම පට්ට අදහස හේමලයෝ!!

``` Outsider``` said...

යුද්ධයට ඇති අවංක බව සාමයට මිනිසා තුල නොමැති වීමයි හේතුව.

හරී - පිණිපළස said...

කීවත් වගේ වෙලාවකට හිතෙනවා බොළඳ හැඟීම්ද කියලත්

ayesha said...

සාධාරණ යුද්ධයට වඩා අසාධාරන සාමය කොච්චර වටිනවද

Naදී said...

අපි නොදන්න ගොඩක් දේවල් තිරෙන් පිටු පස සිදු වෙනවා.සිතන දේ බොළඳ සිතුවිල්ලක් පමණක් වෙන්න ඒකත් බලපානවා.

ස්වප්නා said...

ඔව්. බොලඳ සිතුවිලි තමා. හැබැයි හැම බොලඳ සිතුවිල්ලකම වැදගත් කමකුත් තියනව

Anonymous said...

ආගමට දහමට නැඹුරු වීමයි එකම විසඳුම

තක්ෂිල said...

ගැඹුරු පද පෙලක්.........