Saturday, August 21, 2010

පාට පාට.....



ආදරයත් හරියට
සමනලයෙක් වගෙයි.....
පියාඹනව බලන්න ලස්සනයි....
ආසයි හිතට.....
අල්ලලා බලන්න ටිකක් විතර.....
හැබැයි ගෑවෙනවා පාට...
හැමතැනම......
ගත්තු හැටියෙම අතට.....
නොදැනීම මියැදෙනවා සැනින්.....
නෙත් ඉදිරිපිටම......
අත්ල මත....
දුක විතරක් ඉතිරිකොට.......
හද පත්ල මත.......
ඇඟිලිවල ගෑවිච්ච පාට ටික
තිබ්බාට...
සුළු මොහොතකට....
ආයේ නම් බෑ ඉගිල්ලෙනවා බලන්න.....
නිදහසේ මලින් මලට.....

18 comments:

ඉලංදාරියා said...

ඇත්ත ..ලස්සන පද පෙලක් සහෝ ..

මම දැන් ආදරය අතින් අල්ලලා බලන්න බයයි ඇතෛදන් බලන් ඉන්න්කොට ලස්සනයි....

ආදරේ කරන කාලෙටවඩා සින් කරන් අකාලේ ..හරිම ලසනයි කියලයි මට හිතෙන්නේ..

Dinesh said...

ලස්සනයි සහො.............:)

ජීවිතේ මල් said...

ඈත්තම ඈත්ත හේමල්යෝ..
හරිම ලස්සනයි පද ටික...
ජය වේවා!

පබලු said...

ලස්සනයි කියන්නේ උපරිමයි යාලුවා...

Anonymous said...

ආදරය සමණළ හැගුමක් වගේ තමයි පටන් ගන්නේ. ඒත් ඉවර වෙන්නේ මහ මුරුගසන් වරුෂාව වගේ...

වෙනද වගේම නිර්මාණය අපූරුයි.......

හෙළයා said...

දහස් ගණන් වදන් කැටි කල
ආදරය න්අම් සොඳුරැ ගෙත්තම
සමණල් හැඟුමින් ගොතා
විදාහල මේ සොඳුරැ වදන්
ආදරයේ නේක වර්න ගැන
මට යලිත් සිහිපත් කර ඇත.


මැක්සා මචං. නියමයි

ස්වප්නා said...

ඔයාගෙ සිතුවිලි වල තියන අපූර්වත්වය ගැන මට හිතා ගන්න බෑ.
හරිම ලස්සනයි. ඒත් ඇත්තටම ආදරේ ඔය වගේද? :(
මට එහෙම හිතෙන්නෙ නෑ... මට හිතෙන්නෙ ආදරේ හරියට උල්පතක් වගේ කියල. කවදාවත් හිඳෙන්නෙ නැති.
ආදරේ උල්පතේ, ආදරේ උනනව උනනවා මිසක් අඩු වෙන්නෙ නැති.

Eranga Perera (Muthu Paba) said...

Godak gamburu adahasak thiyena kaviyak.

Eeka thamayi kiyanne adaraya karanakota nidahasath thiyenna oni kiyala.. thamaage kiyala godak lan karaganna giyaama nidahasa ahirenawa. nodaneema hith ridenawa..

Unknown said...

ලස්සනයි මචං...
ජයවේවා!!!

Unknown said...

අම්මප ඇත්ත.. සහතිකෙන් ඇත්ත. අලුත් ඇඳුමත් පංකාදුයි..!!

තක්ෂිල said...

සිතවිලි සියය යක්...
සිරකර තිබුණත්.......
ආදරය නම් සිතුවිල්ල...
සිරකරන්නට නම් ....
දරන්න වෙයි වෙහෙසක්.....

Abeetha Edirisinghe said...

ආදරේ කියන සමනලයගෙ අත ගෑවුනොත් පාට ටික ගිහින් සමණලය මියෑදෙනවා තමයි හේමලයො.... ඒත් ඌ මියදෙන්නෙ නැතුව ඉතුරු උනොත් මල් යායකම රොන් බීලා නතර වෙයිද දන්නෙත් නෑ...

ආදරය ගැන අලුත් සංකල්පයක්...
සුභ පැතුම් හෙවනැලි මල්ලිට.....

priyantha said...

ආදරය අල්ලලා පොඩිකරන්න එපා සමනලයගේ ලස්සන දිහා බලාන ඉන්න. ඇත්තටම ලස්සන පද පෙලක්. කියවලා සිතට ලොකු වෙනසක් දැනෙකවා. ස්තුතිය ඔබට මේ අදහස් බෙදා ගන්නවට.

හසී said...

හරිම ලස්සනයි සහෝ

Teena said...

ආදරේ සුන්දරයි..
සමනල්ලු වාගෙමයි..
ලස්සන පෙනෙන්නේ..
උන් ඉඟිල යන විටයි..

ළං කර ගත්තොතින්..
නුඹ කිව්වා වාගේම..
ඉතිරි වන්නේ මලේ..
හිතේ දුක විතරමයි..

දුර ඉඳන් බලන්න.. හැමදේම හැමදාම ලස්සනට පෙනේවි..

පිස්සා පලාමල්ල said...

මේක නියමයි මචන්.

ayesha said...

හරිම ලස්සනයි යාළු

Naදී said...

ඇත්ත තමයි කියලා හිතුනා.හිතන්න තව දෙයක් ලැබුණා.

කවදත් වගේ අගෙයි පද ගැලපුම