Thursday, August 26, 2010

පලා පැහැ නෙත්......


මගේ හිත
මාත් එක්කල තරහවෙයි කියන
බයට...
උඹත් එක්ක හාද වෙච්චි මට......
මං ගැනම දුකත් හිතෙනව
අද........
මුලු ගැන්විච්චි පරාජිත
සිතුවිලි වලට
උඹ මහ ලොක්කෙක් වුනාට.....
මුළු ලෝකෙටම උඹේ
හැබෑ මූණ නොපෙනුනාට.......
උඹේ පාට මං නොදන්නවා කියලා
එහෙම නම් හිතන්න එපා......
දරාගන්න බැරි
මනුස්ස සමාජෙ පුහු වටිනාකම්
රජ කොරන තුරු......
උඹ මාත් එක්කම ඉන්න බවත් මම දන්නවා......
උඹට මාව ඕනෑ නැතත්
මට උඹව ඕනෑ බව මටත් වඩා
හොඳට උඹ දන්නවා......
හදවතේ දොරටුවට
යතුර උඹට දීපු වෙලාවෙ
ඇතිවෙච්චි අපුල...
මට තාමත් දැනුනට ඉඳහිට.....
උඹේ අක්මුල් මගේ හිත ඇතුලේ
පැලපදියම් වෙච්චි ඉක්මන නම්
මට දැනුනෙ නෑ නිකමටවත්.....
සුසුම් වලින් ගිමන්නිවාගෙන......
කඳුලු වතුරින් සැනසිලා......
වේදනාවෙන් උණුසුම්වෙලා......
උඹ ඉන්න අපූරුව විතරක්......
ආතුරවෙච්චි හිත ඇතුලේ පදිංචි වෙලා......
මාන්නයට වහන් වෙලා.....

15 comments:

ඉලංදාරියා said...

නොපෙනුනාට නොපෙන්නුවාට හුගක් තැන්වල එහෙම නේද..?

පිස්සා පලාමල්ල said...

සම්මතයට බයේ ඉන්නවා වගේද.... වෙනද වගේ නැතුව අද හුඟක් දිගට...

Shadow/හේමලයා said...

"කොළ පාට ඇස් ඇති යක්ෂයා"....ඉරිසියාව......
ඉලංදාරියා & පිස්සා පලාමල්ල ස්තුතියි අදහස් වලට.....:).

෴ හසියා ෴ said...

අනේ මන්ද මුකුත් හිතාගන්න බෑ වගේ...... :(

BLOG ගඩොල් said...

වෙනදා වගේම අදත් ගොඩක් ගැඹුරු අදහසක්! නියමයි...

Anonymous said...

ඔය තරම් අපුල දේකට
මහමෙරක් වගේ ආදරේ කරන්නේ කොහොමද
ඔය තරම් අකමැති දේකට
හැමදේටම වඩා කැමති වෙන්නේ කොහොමද
අනේ මන්ද ...
ආයෙත් හඳුනාගත නොහැකි පිරිමි සිත...

දුමී said...

උඹේ වචන කියවනකොට, මට මහ බරක් දැනෙනවා . . . අනිත් අයටත් එහෙමද නැතිනම් මට විතරක්ද ?

මැණික්(සුළඟ) said...

"කොළ පාට ඇස් ඇති යක්ෂයා"....ඉරිසියාව......කවුරු නිසාද? මොකක් නිසාද?
මැණික්(සුළඟ)

Unknown said...

හැමදාමත් වගේ පෝස්ට එක කියවද්දි තේරැනේ නැහැ.කමෙන්ට් කියවනකොට තමයි හැමදාම තෙරෙන්නෙ.අපූරු ච්න්තනයක් හේමලයා අයියා

ayesha said...

මරුනේ

මම ඩුමාංජරිය said...

හිතත් එක්ක තියෙන තරහට
ගත්තු තීරණයට
දැන් හිතේ අමාරුව හැදිලද?
හිත හීලෑ නැහැ හරිම මුරණ්ඩුයි නේද?
(ඩුමාංජරිය)

Pasan said...

අද නන් දිගම දිග නිර්මාණයක්.. වෙනද වගේමයි... ලස්සනයි පද හැසිරවීම... ඒත් තේරුම හිතන්න උඹ ලග ඉන්න ඕනි.....

ස්වප්නා said...

ම්ම්ම් ඉරිසියාවද මේ? අපි දන්නෙම නෑ තමයි අපි ඒකට කොච්චර ආදරේද කියලා. ඒත් ඔයා කියල තියන තරං ඕකට අපි වහල් වෙලා කියල මම නං පිළිගන්නෙ නෑ.

තක්ෂිල said...

ඔය ඇස් දෙකටම නම් වශි වෙනවා අයියේ...

සංජීවනි පීරිස් said...

යතුර දෙද්දි හොදට හිතල දෙන්න