Friday, August 27, 2010

කියමු බලන්ඩ......


හරි !!
මී මැස්සා
මල නොතලා
රොන් ගත්තයි කියමුකො.....
ඒත් ගාගෙන එන
පරාග වලට වගකියන්නේ කවුද?..

23 comments:

ඉලංදාරියා said...

මලටයි මීමැසටයි දෙන්නටම වගකියන්න වෙනවා පාරාගවලටනම්......

ඩිම්බත් ඔය අතරට ආවොත් කාලා හමරයි කිවලු...

නියමයි

චතුර.... said...

මී මැස්සා..

සෝරෝ said...

සේරටම වඩා ප්‍රශ්නෙ අන්තිමට අම්ම ගැහුවොත්.. හික්ස්..

[මරු පද ටික මචං..]

෴ හසියා ෴ said...

හ්ම්....හිතන්නට යමක්....
(අපේ මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට යටි අර්ථය වැඩගත් වෙයි වගේ....)
හේමලයියා ලිව්වොත් ආයේ මොනාද....මැක්සා

අනේ මන්දා..?? said...

මලයි මීමස්සයි දෙන්නම....
තනි අතකින් අත් පුඩි ගහන්න බෑ කියනවනේ,...

:)

ස්වප්නා said...

මෙයාටත් තියන ප්‍රශ්න !!

Pasan said...

සම්පූර්ණ වැරැද්ද මී මැස්සගෙ.. අහවල් දේකටද ඔය මල් අස්සෙ රිංගන්න යන්නෙ....:D

Unknown said...

අනේ මන්දා කිවුවා වගේ දෙන්නම වග කියන්න ඕන.තනි අතින් බැහැනෙ අත් පුඩි ගහන්න

Hipo said...

ඔය හැම එකකටම වගකියන්න ඔනා අර මහ බඹානේ...මරු පද ටික,,,

Anonymous said...

මල නොතලා නුඹ රොන් ගන්නේ කෝම
රොන් බීලා නුඹ පිටවන්නේ කෝම
මල හිමි බඹරු මෙය උහුලන්නේ කෝම
තැන තැන දාන හිත හසුරනනේ කෝම

මල නොතලා රොන් ගන්නව නම් පරාග තැවරෙන්නේ නැහැ නේද?
අනික කවුරු කොහොම කීවත් මල නොතලා රොන් ගන්න බඹරුන්ට පුලුවන්ද?

dinesh said...

පරාග ගා ගන්නෙ නැතුව රොන් ගන්න ඉතින් මීමැස්ස දැන ගන්න ඕනෙ.

Unknown said...

අර කීව්වත් වගේ මල නොතලා රොන් ගන්නේ කෝම???
අනේ මන්දා මොනව ලියන්න ද කියලා...
ලියන්නැතුව හිතන්නම්...
ලස්සන නිර්මාණයක් මචං...හිතන්න යමක් ඉතුරුකළාට ස්තූතියි...
ජයවේවා!!!

දුමී said...

ගාගෙන නේද හත් පොලේ . . . මීමැස්සා . . . මැක්සා . . !

ayesha said...

මල තලලා රොන් ගත්තම මලට දුක හිතෙනවා මල නොතලා රොන් ගත්තම එහෙම වෙන්නෑනේ. පරාගනය විය යුතු දෙයක්. ඒකට දෙන්නම වගකියන්න ඔනේ. ඒ දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් පාරාග ගෑවුනා කියලා ලොකේම කෑ ගැහුවත් කමක් නෑ

මාරයාගේ හෝරාව said...

මල් කෙමියෙම තවරන්න ඔනයෑ...
කෙමියට පිටින් තවරලා යන එකයි ඇත්තේ...

හිත ඇත්තං පත කුඩාද..කිව්වළු...

පිස්සා පලාමල්ල said...

මී මැස්ස රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමුනනම් ගොඩනෙ හික් හික්..

පට්ට මචන්. සෑහෙන තේරුමක් අකුරු වල තියෙනව උබ ලියන.

Naදී said...

මී මැස්සට වුනත් කියන්න තියෙන්නේ දැන ගියොත් යයි කතරගං නොදැන ගියොත් වෙයි අතරමං කියලා තමයි ඕං.

අහිංසකි said...

මිමැස්සටම නේද ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නේ හේමලයො

Paraya said...

ඇත්තටම කවුද...?

Paraya said...

නොදැන උනත් වග කිව යුත්තා මී මැස්සා නේ ආයිබොවන්

විහඟ ගීතය said...

මලත් බඹරත්
දනී මෙහි තත්
ඉතිං හැමදත්
වේය අනුදත්

තක්ෂිල said...

මලටත් වගකියන්න ඕනි මොකද පරාග ඇයි මී මැස්සාගේ ගාවන්නේ මි මැස්සා දැනගන්න ඕනි පරාග ගාවගන්න නැතුව ඉන්න.....

Chamila said...

මොනවට වග කියනවද..... කිව්ව දෙයක් ඇහුවෙ නෑනේ.... ගාගත්තා නන් ඔහේ ගාගන ඉන්ඩ කියමු