Sunday, August 29, 2010

ඔටුවාගේ ලියුම......


බැල්මෙන්ම
කොර විය...
හෝදා ගන්නට
බැරි විය...
ජැටියෙන්ම
විසි විය...
ඇය අල විය...
ඌ පොර විය......
මම ඇණ විය....

20 comments:

Unknown said...

මොනවද හේමලයා අයියෙ හෝද ගන්න බෑරි වුනේ

Abeetha Edirisinghe said...

උඹයි බන් ගොඩ ගිහින් තියෙන්නෙ....

මුදියන්සේ said...

තවත් නැවක් එනකම් බලාගෙන ඉමු එහෙනම්...

Anonymous said...

ගොඩ ගියා කියල හිතා ගනින් මල්ලියේ...

පිස්සා පලාමල්ල said...

කැම්පස් වචන සෙට් එකක් වගේ... තේරුනා මදි මදි වගේ එක පාරම

Shadow/හේමලයා said...

වේලි වේලී ඉන්නා ඔටුවන්ට අලුත් නැව මල් වැස්සකි.සමහරු ජැටියෙදීම වොෂින් මැෂින් ඔන් කරති.ගොඩ යති.ඇණ වෙති.නාති.ඇදගෙන නාගනිති.ආතල් කෝටියකි.සම්මාන රාශියකි...

Pasan said...

මරු මරු...ඇණ උන එක හොදයි පොර වෙනවට වඩා... හික්ස්.....

BLOG ගඩොල් said...

හික් හික්!! ඔය කියලා තියෙන්නෙ මේ දවස්වල හොදට නැගලා යන වැඩක් ගැන නොවැ!

priyantha said...

හ්ම් එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ. පෙරලුන පැත්ත හොඳයි කියල හිතමු.
මේ වචන නොතේරෙන අය ඉන්න බව පේනවා. ඒ අයට තෙරුම් කරානම් වඩා හොඳයි වගේ.

Unknown said...

හ්ම්..මේ දවස්වල හැම තැනට ම අළුත් නැව් ඇවිත් වගේ...ඇණ වෙනවා, ගොඩවෙනවා, අලවෙනවා..හෝදනවා...එල එල...හේදිල්ලත් හැමෝටම හරියන්නෑ මචං...ඒකට හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ...නරකද වසර අවසාන දීමනාවක් එහෙම දුන්නොත්..හික්...හික්...
ලස්සන නිර්මාණයක් මචං...
මේ දවස්වල මෙහෙත් කට්ටිය ඇහැ දාගෙන ඉන්නෙ...
ජයවේවා!!!

ayesha said...

ඌ පොර විය....
මම ඇණ විය.......

තක්ෂිල said...

ම්ම්....ඔයා අයියේ එච්චරටම ඇණයක් වුණාද??)හ්.. හ්..

පබලු said...

ඔටුවා කවුද? ඇණ වුන කෙනාද? පොර වුන කෙනාද ?

Shadow/හේමලයා said...

සාමාන්‍යයෙන් ඔටුවා කියන්නේ කාන්තාරෙ ඉන්න සතෙක් නේ....ඒ කියන්නේ වේලි වේලි ඉන්න වුන්....:)))

Chamila said...

සැලෙන්ඩ එපා මචන්..... පොර වුන සමහර අය ජීවිත කාලේම ඔටුවො වෙන්නව දැකල ඇතිනෙ... ඇණ හොඳයි.... ;)

Naදී said...

කැම්පස් පැත්තේ අලුත් නැව් එන කාලෙට සාම්ප්‍රදායිකව සිදුවෙන දෙයක් නොවැ. මරු මරු. එහෙනම් කට්ටිය ඇඩ් දානවා ඇති හෝ ගාලා.

ස්වප්නා said...

වොෂින් මැෂින් සහ හෝදා ගන්න කතාව තේරුණේ නෑ අනේ....

Shadow/හේමලයා said...

@ ස්වප්නා
හෝදනවා කියලා කියන්නේ ගැනු ලමයින්ගෙ හිත දිනා ගන්ට කොරන දැඟලිල්ලට...ගොඩක් වෙලාවට අළුත් බැච් එක(අළුත් නැව ) ආවහම රැග් එක අස්සේ සමහර අයියලා නංගිලාට බොහෝම අනුකම්පාව දක්වලා හිත දිනා ගන්ට බලනවානේ...අන්න ඒක.....

ස්වප්නා said...

ආ :) අපි දැනන් හිටියෙ නෑ ඔහොම කතාවක් :) කොහොමත් මම රැග් අහු වුණේ නෑ. අපරාදෙ ;) හික්

lemonade/ලේමනේරිස් said...

වරෙක ඇන විය
වරෙක පොර විය
වරෙක අල විය
වරෙක ගල විය
කැරකි කැරකී
එකම ගේමකි
වෙනස් වන්නේ
චරිත පමණකි