Monday, August 30, 2010

නෝ බෝල්.....


අමාරුවෙන්
ඉර බේරලා
කකුල තිබ්බට....
පෑගුනා නේද
කොලුවෝ
වලිගෙ...

(Inspiration: The two recent No-Ball controversies: The deliberate No-Ball by Suraj Randiv to deny Shewag a century & Mohammad Aamir's spot fixing No-Ball. Both being talented yet misguided rookies)

11 comments:

pj said...

no ball kiwwaam mata mathak une... ape iskole hitiya sir kenek eyata kiwweth "No ball" kiyala :D

Abeetha Edirisinghe said...

ඉරෙන් එහා තිබ්බ
කකුල නැවතුනේ
මගේ ඔලුව උඩමද මන්දා....

විහඟ ගීතය said...

ඉර පාගලා නොව ඉර අයිනෙත් නැතිව
පෙර පරිදිම අනේ බේරා ගෙන බො‍ටුව
සෙල්ලම් කළත් හැම ලකුනම උන් සතුව
කරුමය නෝ බෝල් හැමදාමත් අපිව

Chamila said...

මේක මරු බන්.....

මතකද මුරලිගේ නෝ බෝල්...
අම්පයර්නේ එදා වලිගෙ පාගගත්තේ

@ pj: මං හිතන්නෙ මම ඔයා කියන "නෝ බෝල්" ව දන්නව :)

``` Outsider``` said...

ඉරි ගහල සීමාවන් වෙන් කලාම කොයි වෙලේ හරි කාට කාටත් ඉරි පෑගෙනව..

නොම්මරේ said...

අමාරුවෙන් බේරුව ඉර
පෑගුනට ගත්තා සල්ලි (ලංකාවේ )
අමාරුවෙන් ඉර පෑගුවට
අතට යටින් දුන්නා සල්ලි (පාකිස්ථානේ)

RanDil said...

කවුරු කලත් වැරද්ද වැරද්දමයි. අපේ එකා කලා කියලා ඒක නිවැරදි වෙයිද නේද?

charmi said...

ඇත්ත. අපේ එකා උනත් කරපු වැඩේ වැරදියි. ඒත් ඔක්කොම වතුර පහත් තැනින්ම බහින එකත් වැරදියි.

ayesha said...

දන්නෙම නැතුව වලිගේ පෑගුනා

priyantha said...

මදැයි ඔයින් ගියා.

hithuwakkaraya said...

නෝ බෝල්
වටේටම නොයෙක් මිළ ගණන් වලට විකිණෙනා මිනිස්සු
ඉස්තරම් ඇගෑලූම්කම් සමග නොහොබිනා කැත වචන
කෙල ගා ඔප මට්ටම් කරන රතු පාට ලෙදර් පන්දුව සමග
මහා විසාල පිට්ටනියේ හුදෙකලා හදවතක් වැලපෙනවා දැක්කාද

මං වගේමයි ඇවිත් බිත්ති කණ්ඩිය අද්දර හිට ගත්තා
ඇහැ ඇරල බැලූවාම පෙණුනේ පාවෙනා නිලංකාර පරඩැල්
කාසි මලූ කද බැදන් බෙදනවා - අපිට දෝත පෑවාට දෙන්නැති
විච්චූරණ මැදින් ඇවිදගෙන ගියේ පිට්ටනිය මැද්දට

දණ ගහන්නැයි කීවාම දණ නොගහ ඉන්නේ කොහොමද
ඇහැ පියා ගත්තා නොපෙනෙන්න පෙනෙන මානය
ආයෙත් හිත නිකං වැනෙනවා ලෙලෙන ගොක් අත්තක් වගේ
අන්තිමට දැනුණෙ ඉර පන්නලා ගිය හිතේ ගිඩි - ගිඩිය

බොල් හුලගෙ පාවෙන්න තිබුණ අන්තිම බෝලයට
තුට්ටුවක් නොවටින්න හිත හදා ගත්තේ මම කොහොම
ආයෙමත් ඇහෙන්නේ ගෙදර ලග වක්කඬේ ගෝසාව
උන් එක්ක නැටුව දා - එදත් මගෙ පිට පුරවලා වැදුනෙ වැරණිය පාර

- හිතුවක්කාරයා