Monday, August 16, 2010

මල්සරාගේ heart-seeking මිසයිලය....


හෝව් හෝව් කියන්නෙපා......
අයින්වෙන්න පාරෙන්....
ආදරේට බ්‍රේක් නෑනේ...
නවත්තන නූලෙන්...

හැබැයි පුතෝ හැප්පුනොතින්....
ගැස්සෙනවා සොමිය......
කයිට් වෙවි අතින් කටින්
Full-Option නැතිය.....

දුර බැලුවට අනාගතය
කාටද තේරෙන්නේ.........
ලඟ බැලුවොත් වලකින් 
දෙකකින් හරි බේරෙයිනේ.......

ලඟ පෙනුනට ඇහැකිවේද...
හොයාගන්න පාර......
මග හිටියොත් එහෙම ඔන්න
කන්ඩ වේවි තාර.....

ඉඳහිටලා එලවනව.....
වල් බල්ලොත් පාර දිගේ..........
වහිනදාට ලිස්සනවා
ABS  නෑනේ අනේ.........

එලෙවවාට හපන්නෙ නෑ
බුරනා ඔය බල්ලෝ.....
වහිනදාට කොයි රෝදෙත් 
ලෙස්සනවා ගොයියෝ..........

මල්සරාම කීවොත් මිස...
වෙයි අපි නම් Surrender....
සීනි දාල වෙඩි තියන්න....
කූඹි කාල මැරෙන්ඩ....

මල්සරාගෙ වැඩ ඔහොමයි.....
Insurance නැතේ....
මාලු කොටන කොට තේරෙයි...
කිඹුලගෙ ඇති අගේ.......

20 comments:

රත්නේ said...

අනේ අම්මේ බන්,උඔටත් හිතෙන ඒවා..

ගීත් (සහෘදයා) said...

උබත් මල් සරත් එක්ක අටෑක්ද ? :D

"සීනිදාලා වෙඩි තියන්න කූඹි කාලා මැරෙන්න"

මල් 7තේ කථාවක්

මාරයාගේ හෝරාව said...

පිස්සු හැදෙයි මල් පරවෙයි කිව්වළු...
මෙන්න කවි...

චතුවා said...

හික්ස්.. මරු මරු!

ස්වප්නා said...

හික් :) මමත් හෙට ඉඳන් අමුවට ඇපල් කනවා ;) :P

ඉලංදාරියා said...

මරු මිටවඩ මොනවා කියන්නද..

ජයවේවා..!

෴ හසියා ෴ said...

මොනා කියන්නද අප්පා මේවා කියවලා.....
කියන්න තියෙන්නේ ඉතිං පට්ටම පට්ට කියලා තමයි....

Unknown said...

මාලු කොටනකොට තේරෙයි.. කිඹුලගෙ ඇති අගේ...

අම්මප සහතිකෙන්ම ඇත්ත...!!

Anonymous said...

හ... හා...
මලා මලා මල් සරා මලා...

අපිටනම් ඉතින් මල්සරා මල්ටිබැරල් ගහලද කොහෙද...

යස ලියමන....

/Binguwa

හරී - පිණිපළස said...

කියලා වැඩක් නෑ මලයෝ, මරු !!!

ayesha said...

niyamay....

පිස්සා පලාමල්ල said...

උබ ලිව්වොත් ඉතින් ආයෙ අහන්න දෙයක් නෑනේ. මේකත් ඉතින් එළ.

අර සීනි දාල වෙඩි තියන එකයි මාලු කොටන එකයි නම් ගින්දර.

පුතා said...

මාළු කොටන කොට තේරෙයි...
කිඹුලගෙ ඇති අගේ....
සිරාවටම.....පට්ටම පට්ට මචං....

Chamila said...

පිස්සු හැදෙනව මස්සිනා...... මේක පාඩම් කරගන්ඩ ඕනේ ට්‍රිපක් යද්දි එහෙම කියන්ඩ..... පාට දෙකෙන් දාලා තියන විදිහත් මරු...

Anonymous said...

හිහ්....

" අනේ කිඹුලෝ කාපන් මාව..." " කොහිල කටු ඇනෙනව ඉවසන්න බැරියෝ" කීවද ???

෴ නියමයි෴

නිශ් said...

එළ එළ... අදනේ උඹේ බ්ලොග් එක දෑක්කෙ
පට්ට පද ටික

හසී said...

නියමයි!

Naදී said...

ෆනේ ෆන්. බයිලා තාලෙකට මරුවට මැච් වෙනවා. බයිලා නෙමෙයි කතාවත් ඇත්ත.

තක්ෂිල said...

full option තමයි ඉතිං..):-D

Shadow/හේමලයා said...

ස්තුතියි සියල්ලන්ටම වටිනා අදහස් හා ප්‍රතිචාර වලට.....:).