Friday, September 3, 2010

බිඳෙන බැඳෙන බැමි....


විශ්වාසය කියන
සිමෙන්තියෙන්.......
මිතුදම කියන
බ්ලොක් ගල් වලින් බැන්ද
අපේ...
සහෝදර බැම්ම....
පොඟලා පොඟලා.......
නාකපන සිතුවිලි වැස්සට
කඩගෙන වැටුනේ නැතැයි
එකපාරටම.....
ආදරය කියන හැඩ පහරට......

13 comments:

හා පැටික්කි (MS) said...

එය එ‍සේමය.......

අවසානයේ ‍දෙකම නැත.......

Abeetha Edirisinghe said...

කල් යනකොට තේරෙන්නෙ ගොඩක් දෙනෙකුට
ආදරේට වඩා
සහෝදර පෙම කොච්චර වටිනවද කියලා....
ඒත්...........................
මට නම් එහෙම නෙමෙයි

Naදී said...

කතාව ඇත්ත.හැබැයි බැම්ම බඳින්න කලින් සිමෙන්තිය හොඳද බලන්න ඕනි.

``` Outsider``` said...

අයිතිකර ගැනීමේ ආශාව හැම දෙයක්ම විනාශ කරනව.

ayesha said...

විසඳුමක් හිතා ගන්න බැරි ප්‍රශ්නයක්

priyantha said...

ඕකනේ කියන්නේ.....

පිස්සා පලාමල්ල said...

ඒ කිව්වෙ.... සහෝදර බැම්ම ආදර බැම්මක් උනා වත්ද....

Unknown said...

මගේ සිතීම නම් ආදර බැම්මේන් සහෝදර බැම්මට හානියක් නොවන බවයි

Teena said...

ඉතින් නරකද? හැබැයි අර අභීත කිව්වා වගේ පස්සේ සහෝදර බැම්ම හොඳයි කියලත් හිතෙයි..

lemonade/ලේමනේරිස් said...

දරන්න ඔය බැම්ම
අවැසිය කණු දෙකක්
හොඳ වොටෙර් ප්රූෆමක්
හිතේ ඇති දෛර්යයත්
ගහන්ඩ කපරාරුව
හරියටම
මිලි 25 ට
ආදරය සම සමව
වැලි වැඩි නැතිව
සුනාමියටත්
නොසෙලවේවි
නුඹේ බැම්ම
සදාකාලිකව....

Unknown said...

සහතික ඇත්ත මචන්..

ස්වප්නා said...

:) අවට කාළගුණේ හැටි හැටියට තමා ඉතින් කොයිකෙත් ප්‍රථිඵල

Chamila said...

මොන සිමෙන්තියෙන් බැන්දත් ඔය බැමි
ආදර සැඩපහරට දරන්ඩ අමාරුයි...