Sunday, September 5, 2010

පරස්පරය.....


හිත තිබුනේ ඉරිලා...
බෝතලේ නම් පිරිලා......
හිත පිරෙනකොට...
බෝතලේ හිඳිලා.....
දුක දැනෙන කොට....
කඳුලු කැට වේලිලා.....
හුළං පාරට
සිතිවිලි ගිය දිහාටම
තල්ලුවෙලා.....
මම මෙතැන......
හිස්බවත් එක්කලා
තනිවෙලා.....
මැලැවෙච්චි
හීන එක්ක ඔට්ටු වෙලාම
මට නම් දැන් එපාවෙලා...
ජීවිතේ ඇතුලේ…..
අනවසරයෙන්
පැලපදියම් වෙච්චි
සතුටක් හින්ඳා
හිත ආයෙම සුපුරුදු
දුකම හොයනවාද මන්ඳා?...

21 comments:

හරී - පිණිපළස said...

1/X ,,,,,,,,,,,,,,, X/1

පිස්සා පලාමල්ල said...

බෝතලේ හිතෙනකොට
දුක නම් නැත නිදි මත නම් ඇත....

Unknown said...

දුක හිතෙන වෙලාවට බෝතලයක් නොබී වෙන මොකක් හරි කෙරුවනම්

Abeetha Edirisinghe said...

බෝතලේ.. මගෙ බෝතලේ...
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවූයේ...
මහ සයරට බෑ.. මහවැලි ගංගාවට බෑ..
මගෙ පපුවෙ දැල්වෙනා ගින්දර නිවා දමනු බෑ.....
බෝතලේ.. මගෙ බෝතලේ...
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවූයේ...

dinesh said...

හීන එක්ක ඔට්‍ටු වෙලාම
මටනම් දැන් එපා වෙලා...
වෙනද වගේම තමා, සුපර්..........

sansarasidu said...

දුක හිතෙන හැම වෙලාවෙම බෝතලයක් හිස් කරන්න ගියොත් අපට බෝතල් කීයක් හිස් කරන්ඩ වේවිද ?

අපූරු නිර්මාණයක් සහෝ!

Amila Chathuranga said...

හොඳ තද වෙච්ච බස් එකක ට්‍රේන් එකක යන්න....එතකොට ජීවිතේ අලුත් විදිහට දකින්න පුලුවන් වෙයි......

Naදී said...

හැඟීමනම් මටත් පොදුයි හැබැයි බෝතලයක් නම් ඒ අතර කවදාවත් තිබුණෙ නෑ. :)
සතුට දුක අතර දෝලනය වන ජීවිතය නෙල්ලි ගෙඩියත් වගේ විඳින්න පුරුදු වුනොත් ආයේ බෝතල් ගැන වද වෙන්න දෙයක් නෑ.

BLOG ගඩොල් said...

කාලෙකින් මේ පැත්තෙ ආවෙ.හැමදාමත් වගේ අති විශිෂ්ටයි සහෝ!

Eranga Perera (Muthu Paba) said...

දුකම හොයනවද මන්ද.. ඒක නම් හැබෑව..

lemonade/ලේමනේරිස් said...

ඉරුණු හිත පුරවන්ට
හැකිද බෝතලයට
හිස් වන්නේ මොනවද
බෝතෙලෙද?
පොකට්ටුවද?
හිස් වන්නේ එකදෙයි....
හිතේ අභිමානයයි.

ස්වප්නා said...

හ්ම්ම්ම්ම්ම්ම්ම් !!

ayesha said...

හීන වලට පණ පොවන්න
හති වැටෙනා තුරු දුවන්න
දුක අස්සේ සතුට වෙන්න
ජීවිතේට පුරුදු වෙන්න

Chamila said...

නියමයි.....!!!

Unknown said...

හ්ම්...මොනාද මචං මේ වෙන්න යන්නේ....???ටික දවසකින් ජංජාලෙ පැත්තෙ එන්නත් බැරිවුණා...මේ පැත්තෙත් මොනාහරි වෙලා වගේ...
ජයවේවා!!!

ayesha said...

අනේ මන්දා හීන එක්ක ඔට්ටු වෙලා මටත් එපා වෙලා

priyantha said...

අපේ හිත් ඔහොම තමයි අතේ තියන එක වටින්නේ නෑ. නොලැබෙන දේමයි වටින්නේ. එක ලැබුනාම අතේ තිබිල වීසි කළ පරණ දේවල් හොයනවා.
පොල්ල තියනකොට බල්ලනෑ...
බල්ල ඉන්න කොට පොල්ල නෑ...

Lahiru Siriwardhana said...

ලස්සනට ලියැවුණු යථාර්ථයක්

ඉලංදාරියා said...

මටත් හීන එක්ක් ඔට්ටුවෙලා එපාවෙලා තියෙන්නේ..
දෑන්නම්...

එහකම තෑන කෑරකෙනවා...



මෙ දවස් ටිකේ මොකද වෙලා තියෙන්නේ..

පිස්සා පලාමල්ල said...

මචන් මොකද පෙන්න නැත්තෙ ?? හැමදාම හෙවනැල්ල වගේ අපේ බ්ලොග් එක්ක ඉන්නවනේ උබ...

සෝරෝ said...

සුපිරි වචන ටික සහෝ...!!