Thursday, September 9, 2010

ගණුදෙනුව.....


ඈවරයි දෑවරයි.....
තුන් ඈවරයි කියා.....
වෙන්දේසි කරමි....
පපු කුහරයට
හිරකරගත නොහුණු...
හදවත....
බන්දේසියක තබා...
කොන්දේසි විරහිතව
නුඹ හට.....
උඹේ ඔය හදවතම
විතරයි
මට ඕනෑ
ආපහු හිලව්වට.....
තියාගන්නට සදහට.........

15 comments:

Dinesh said...

nice one bro.............

මාරයාගේ හෝරාව said...

හිතන තරම් ගණුදෙනුව සාධාරණ නැහැ.

BLOG ගඩොල් said...

නියමයි සහෝ! එළකිරි...!

Unknown said...

අපි හැමෝටම ඔය ගනුදෙනුව කරන්න වෙනවා නොවැ

lemonade/ලේමනේරිස් said...

වැඩිම ලංසුවට
විකිනේවිද මන්ද
නුබේ ඔය ගැහෙන හදවත..


ලස්සන කවියක් මචන්.

dinesh said...

අඩු ලංසුවටනම් දීල බෑ.ඒත් කෝ ගැනුම් කාරයො!

ස්වප්නා said...

අනේ ඔච්චර ලස්සන හදවත්
තියනවා නං
කොච්චර හොඳද
හැබැයි ඔය වගේ හදවත්
තියෙන්නෙ කවි වල විතරයි :(

ස්වප්නා said...

කොහෙද හැබෑට අතුරුදහන් වෙලා හිටියෙ? :)

``` Outsider``` said...

තම තමන්ගෙ ඒවම තියාගත්තනම් හොඳයි නොව.. මොකටයි එකක් දීල වෙන එකක් ගන්නෙ...

පබලු said...

හිලව්වට හදවත...
සදහටම....
ඒකත්... ,
කොන්දේසි විරහිතව...
අපි අහුවෙයි ඕවට...

පිස්සා පලාමල්ල said...

සමහර වෙලාවට අත යටින් ගනුදෙනුව වෙලා ඉවරයි බොල... අපි මොන තරම් ලංසු තිබ්බත් ....

කොහෙද බොල මේ ටිකේ උන්නේ ???

Pasan said...

ටික දවසකට පස්සෙ නෙ.. නිර්මාණය අපූරුයි...

තක්ෂිල said...

අම්මට සිරි !ඉදලා ඉවරයි!

Naදී said...

කොහෙද වහං වෙලා හිටියේ කියලා ඔන්න අහන්නේ නෑ.
හැමදේම මුදලට වෙන්දේසි වෙන මේ කාලේ ආදරේ වත් මුලු හිතින්ම පූජා කරන්න පුලුවන්නම් ලොකු පරිත්‍යාගයක්. සිල්ලර කාසියක් මොණර නෝට්ටුවක් නැතත් අවසානයේ සතුටක් කියලා දෙයක් ලැබෙයි.

sansarasidu said...

ගනුදෙනුව සාධාරණ නැහැ වගේ...