Tuesday, September 14, 2010

සිහින.....


ඔය දෑස නිසා
සිත උමතු වෙලා....
දහසක් පැතුමන් පැතුවා.....
ඔය දෑත පතා
සිත සිහින පුරා.....
සහසක් පෙරුමන් පිරුවා....

නුඹ සඳමයි
මා හද විමනේ.....
එළියයි ජීවිතයේ....
නෙක සිතුවම්
රූ අතරින්
ඔය රුවමයි නෙතු පැතුවේ.....

රැඳි සුවඳයි
මා හද නුඳුරේ....
මිහිරයි ආදරයේ......
ගී පදවැල්
නද මිහිරින්....
හද ගැහෙනා බව දැනුනේ....

14 comments:

විහඟ ගීතය said...

සඳ එළියයි
මම නුඹේ අහසේ
මම පමනයි
බොහෝ කල් පැතුවේ
තව දැසක
ඔයනෙත පැටලී
ඒ නුඹමයි
දවසක මාහිත කැඩුවේ

Anonymous said...

ආදරේ හැටි ඔහොමයි
ඇස් වසා ලොව පෙන්වයි
සියලු දේකම
මියලු තැන්හිම
සොදුරු බව සිත දනවයි

෴ පරිස්සමින් මලේ෴

සෝරෝ said...

ලස්සනයි මචං...!!

ස්වප්නා said...

කුච් කුච් හෝතා හේ :)

ආදරේ හරියටම දැනුණම
සුළඟ ගී වැල් ගොතනවා
හදවතේ වයලීන වයමින්
සිහින සිතුවිලි මවනවා

අන්න එහෙමයි මම හින්දි චිත්‍රපටි වල දැකලා තියෙන්නෙ...

ඉලංදාරියා said...

ආදරය විදිනකොට මිහිරියි...
ආදරය විදවනකොට...?

ayesha said...

ම්...........විදිනකොට මිහිරියි ආදරය

Chamila said...

මේක නන් කෙලින්ම සින්දුවක් මචන්. තනුවක් දැම්මොත් මොකද.... වචන ටික ලස්සනයි....

පිස්සා පලාමල්ල said...

පෙරුමන් නම් පිරුවට... ලස්සනයි මචන්

මැණික්(සුළඟ) said...

සඳ එලිය ඉක්මනින් ගලන්නට සුබ පැතුම්!!
මැණික්(සුළඟ)

priyantha said...

ආදරය ලබනකොට එය විඳිනකොට මිහිරියි. දැනට මම කියන්න දන්නේ මේ ටික විතරයි. මේ මිහිර සැමදා පවතීවා.

hithuwakkaraya said...

හ`ද ඇවිත් හෙමිහිට ගෙන ගිහින් හද
පායන්න පෙනෙන මානයක
අදුරු සෙවනැලි මකා පායන ලෙස
වි`දින ජීවිතයක සුව`ද වි`දගන්න

හෙමි හෙමින් ඇවිදින්න
එපා වැලි කැටයක්වත් පැගෙන්න දෙන්න
පෙන්නන්න මහ දවාලේ පායන හ`ද
එයට වැඩියෙන් ලස්සනයි නැතිවු දා අමාවක හ`ද

-හිතුවක්කාරයා

දුකා said...

නියමයි බන් . . . සිංදුවකට හොඳින් ගැලපෙන පද පෙල . . එඩ්වර්ඩ්ගේ හරි බුලේගොඩගේ හරි වොයිස් එකට නියමයි . . අපේ දුමියට කියලා බලමුද . . . .

Naදී said...

ආදරයේ පහස දැනුනම චණ්ඩ මාරුතෙත් සෞම්‍ය මඳ නලක් සේ හැ‍ඟෙන අපූරුව.

Jay said...

හප්පේ, ඔන්න කාලෙකින් මේ පැත්තේ ආවා..
පහුගිය ටිකේම ජාලෙන් අතුරුදහන් වෙලා නෙව හිටියේ.
හැමදාමත් වගේ අපූරුයි..!