Saturday, October 9, 2010

බකන්නිලා Theoryය.....


ප්‍රජතන්ත්‍රවාදය නම්වූ
රන් ආලේපිත.....
අසංසේචිත.....
තඹක්ක ඩිම්බය.......
හිරවී ජම්බාලිය අග...
මරහඬ තලන
දේශය නම්වූ...
නාකි කිකිළිය වටා හිඳ....
ඔල්වරසන් නඟන මහීෂ සමූහය.....
හිතාන ඇය කෙකර ගානාබව....
බලා හිඳිති වැටෙන තුරු රන් බිජුව......
මුව අයාන......
සියළු දොස් නසාන.......
මැවේයැයි සිතාන දිව සැපත.....

13 comments:

Jay said...

මරු..

ස්වප්නා said...

ඔව්. ඔය කතාව නං සහතික ඇත්ත..
බිත්තරේ මේ කපේදිවත් එලියට එයිද කියල තමයි මට බය හික්ස්

මුදියන්සේ said...

මේ දවස් වල වැඩිපුර මේ පැත්තෙ එන්නේ නෑ වගේ.
සහතික ඇත්ත කතාව.

පුතා said...

තප්පුලන එවුන්ට කෙකර ගාලා බෙට්ටක් වැටෙනවා දැක්කත් ඇති මචං....

තක්ෂිල said...

කාටෙන් ගහන කයිවාරු.....මරු

charmi said...

අසංසේචිත..?
ආන්න දැක්කද?
කිකිළී නාකි උනත් චරිතේ හොඳයි මචං.

``` Outsider``` said...

ඕකනම් දාන බිත්තරයක් නෙවෙයි...

ayesha said...

හුඟ කලෙකින් මේ පැත්තේ එන්න බැරි උනානේ.ම්.... ඔක්කොම පරන කවි බැලුවා. ඔක්කොම ලස්සනයි

ayesha said...

කාලෙකින් එන්න බැරි උනනේ. සහතික ඇත්ත කියලා තියෙන්නේ.

Unknown said...

හැමෝම බලාගෙන ඉන්නෙ ඔය බිජුව එළියට එනකම් තමා...
ජයවේවා!!!

Eranga Perera (Muthu Paba) said...

lassanayi

පුතා said...

පෝස්ට් නොදැම්මත් කමක් නැත...
උඹ ඉන්නවායැයි දැනගන්න එකම ඇතිය...
මොකද වෙන්නෙ කියල කියපන් මචං...

Sanjaya Dissanayake said...

බිත්තරේ ආවත් අපේ උං තියන එකක් නෑ... එළ!!!