Saturday, November 27, 2010

හීතල හීන.....


ඇල්මැරුණු පෙම් හීන
කල්මරන රෑ පුරා......
ඉකිගසයි සන්තානයේ
ඇඳුනු වේදනා.......
මිහිර අමිහිරට
හුවමාරුවුනු යාමයේ.....
මං තාම අවදියෙන්
උඹ හීන ලෝකයේ......

Saturday, November 20, 2010

පාට පාට හීන....


මල් පිපෙන්නේ නැති
දාස් පෙතියා ගහකින්.....
හඳට ටිකට් එකක් අරං.....
බලාන ඉඳිමු අපි...
දළු දාන තුරු....
පරණ සිල්පර කොටං......
හඳ නැති රෑක
නැට්ට නැති ගෙඩියක්......
කොළ නැති ගහෙන් කඩං......
හිටවමුද අපි
ඇපල් ඇටයක්.....
නෙලන්නට හිතං දොඩං....

Saturday, November 13, 2010

ඉතින් ඊට පස්සෙ.........


රේගුවෙන් පන්නාපු.......
නැපෝලියන් කෙනෙක් එක්ක
යුධ පෙරමුණට ගොහින්......
මයෙ හිතත් එක්කම
ආයෙ ආයෙත් ඔට්ටුවෙලා
තනියෙන්ම කේන්තිවෙලා.....
හෝන්දු මාන්දු වෙච්චි හිතත්
කරදාසියක ඔතාගෙන.....
බයගුළු විලි වැහෙන්ට
සිංහ හමක් පෙරවගෙන.....
කොහොමෙන් කොහොමෙ හරි.....
කකුල් හතරට වාරු ඇරගෙන....
සාක්කුවටත් තට්ටු කරගෙන.....
හොරාට හොරාට ගෙදරට
ආවැයි කියමුකො....................
......................

Saturday, November 6, 2010

කරකැවිල්ල.......


රූං පෙත්තක් වගේ....
මයෙ හිත.......
සුලං රොදක් වගේ....
දුර ඈතකින් ඇවිදින්......
උඹ....
කරකවා කළඹවා....
යනවා.........
එක තැන.....
මේ හිත....
තවමත්...
තනිවම......
මගෙ ලඟ........