Saturday, November 13, 2010

ඉතින් ඊට පස්සෙ.........


රේගුවෙන් පන්නාපු.......
නැපෝලියන් කෙනෙක් එක්ක
යුධ පෙරමුණට ගොහින්......
මයෙ හිතත් එක්කම
ආයෙ ආයෙත් ඔට්ටුවෙලා
තනියෙන්ම කේන්තිවෙලා.....
හෝන්දු මාන්දු වෙච්චි හිතත්
කරදාසියක ඔතාගෙන.....
බයගුළු විලි වැහෙන්ට
සිංහ හමක් පෙරවගෙන.....
කොහොමෙන් කොහොමෙ හරි.....
කකුල් හතරට වාරු ඇරගෙන....
සාක්කුවටත් තට්ටු කරගෙන.....
හොරාට හොරාට ගෙදරට
ආවැයි කියමුකො....................
......................

8 comments:

෴ හසියා ෴ said...

හැබෑට ඉතිං ඊට පස්සේ....මක්කෙයි වුනේ....

Dinesh said...

ඇත්තමයි.... ඉට පස්සෙ මොකද උනේ?

Anonymous said...

harima lassanai.

පිස්සා පලාමල්ල said...

නැපෝලියන් උන්නැහේව ඉවරයක් ම කොරල වෙන්ට ආවේ.... මේක මරු

මාරයාගේ හෝරාව said...

කොහොමින් කොහොම හරි ගෙදර ආවයි කියමුකෝ..
සිංහයා ආයෙමත් බලු උනේ එතකොට නෙව..
අනේ නැපෝලියන්..?

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

අද දැකපු තවත් එක් අපූරු යතාර්ථයක්!
නැපෝලියන්ලව තුරුලු කරගත් අයට ....මරු කියවිල්ල නියම බයිට් එක!

ඉලංදාරියා said...

ඔක්කොම හරි ඉතින් ගෙදරට අවට පස්සේ......

priyantha said...

හොරාට ගෙදරට ඇවිත්....
ඔලුව කැරකි කැරකි.....
ෂේප් එකේ කාමරේට වැදිල.......
...............