උඹෙ ඔය හිත කියන....
හිස් කඩදාසිය මත.....
එකම එක පැන්සල් ඉරකි මම....
හිස්බව එක්ක තරඟකරන.....
දරාගෙන රුදුරු තනිකම....
කිසිදාක සිතුවමක් වනු නොහැකි බව....
දනිමි මා එය......
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......
උඹේ ඔය හිත කියන
අන්ධකාර අහසේ...
මං තනි තරුවක්....
එලිය වෙන්නට වලිකන...
දවාගෙන මයෙ හදවත.....
කිසිදාක උදෑසන වනු නොහැකි බව.....
දනිමි මා එය.....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......
උඹේ ඔය හිත කියන
කාන්තාරයට...
වැටුනු පිණිබිඳුවක් මම....
හිරු එක්ක ඔට්ටුවෙන
ඉන්න තව එක මොහොතක්....
මැකීයන්නට පළමුව......
කිසිදාක වැස්සක් වනු නොහැකි බව....
දනිමි මා එය....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......