"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Saturday, December 17, 2011
Sunday, December 11, 2011
යාවජීව....
දිනුම් කණුවක
සෙවනැල්ලට යටවී
විසිල් සහ පිනුම් අතර
සමබරතාවය සොයන
Photogenic හීනවල
අතරමං වූ ජීවිතය.....
අනන්තයෙන් ඔබ්බට
තල්ලු කරන්නට වෙරදරන.....
හතිලන හෘද සාක්කිය......
පාවදී ඩොලර් දෙක තුනකට....
පා නගමු නියොන් එලියෙන්
ඒකාලෝක වූ
සෙවනැලිවලින් තොර….
අවිඳු අඳුරට....
සී සීකඩ විසි කොට....
මානව වටිනාකම්.....
සපත්තුවට යටකොට....
සියළුම නෑදෑකම්...
පැළඳගෙන සහසකුත් එකක්
නිවී දිලිසෙන
රන් ආලේපිත මායාවන්........
හිස නමමු.....
උන්නති කාමයේ...
තීව්ර අඬහැරයට.....
ගමනේ යා.....
Saturday, November 26, 2011
පහන් කණුව.....
රම්
මනරම්.....
හිත ගස්සන තරම්...
සිතුවිලි ගිනි ගනන්....
උණුහුම ගුලිකරන්.....
සුලඟට
සිත් දොරගුළු හැරං...
දුක හිස් කරං......
ලය පැද්දෙන...
පාරට......
විසිවෙන තාලෙට....
ගමනත් ඉස්තරම්.....
පෙනුනත් නැති තරම්.....
තනිකම
දැනුනත් හද පලන්.....
ඒවුනාට
මං දන්නව....
ඉන්නව මඟ බලන්......
මයෙ රත්තරං....
ගන අඳුරෙම වුනත්....
මේ මහ දවල්.....
එනවා මම හොයං....
මයෙ රත්තරං....
Sunday, November 13, 2011
ප්ලාස්ටික් හීන
මේ සංසාරේ....
ආසාව.....
ක්‍රෙඩිට් Card එකක්.......
ඕනෙම නැතත්....
ආසයි කාටත්.....
ගන්න දැනෙන්න.....
අහසෙ ගෑවෙන උස Limit එකක්....
හත් වාසි දැක්කාම
මවල පෙන්නවන….
කැළඹේ හිතත්...
නැතත් අතේ...
තිබේ හිතේ......
කරවටක් ගිලුනත් නෑ කමක්....
ඔය කොහොම දිව්වත්....
මගදි වැටුනත්.......
නැගිට ගන්නට ඇතිනෙ කාලයත්.....
කවුරු කොයි ලෙස
ගණන් හැදුවත්.....
සාර සංඛය කල්ප ලක්ෂ්‍යය දින 51ක්...
පණ ගැහෙනකම්......
රහ දැනෙනකම්....
ණය ගෙවල දාන්න නෑනේ හිතක්....
දත කාල දාගෙන.....
කෙළවර්ක් නැති....
Minimum Payments වැලක්......
දුක් විඳිනවා ගෙවන්න....
හොයන්න නොපෙනෙනා....
Opportunity Cost එකක්......
රුවාගෙන හිස ජලය මතුපිට...
තියාගෙන
Credit Score එක......
පදින්නට තව...
Life Time එකක්....
Saturday, November 12, 2011
Monday, November 7, 2011
සාක්කිය.....
මං එක්කම මේ ලෝකෙට....
මංගැච්චුව උඹ......
මං නැති තැන වෙන දේවල්...
මට පැවසුව උඹ........
මං ගැන මට වඩා හොඳට.....
දන්න කියන උඹ.......
මොකද වදේ අද විතරක්.....
නිහඬ වෙලා උඹ......
කාසි පනම්......
අතුරු මිතුරු කම් ගැන.....
වදවෙන හිතයට........
සැලෙන ලෙලෙන නපුර.....
තබාගෙන.....
හිරකොට.....
අමාරුවෙන් වුනත්....
උන්නු බව මතකයි උඹ මගෙ ලඟ.........
දැනෙනව මට තනිකම හොඳටම..............
මෑත ඉඳන්.......
බලාන හිනැහෙන........
කොළපාට නුවන් වෙලාන
මයෙ හිත අද.........
දුර ඈත් ඉඳන්....
තාමත් උඩු හුලඟට.......
පවසන මැසිවිලි ඇහෙනව......
තනිවම උඹ........
දැනෙනව මට තනිකම හොඳටම.....
Saturday, October 29, 2011
Thursday, October 13, 2011
Tuesday, October 11, 2011
Thursday, October 6, 2011
Sunday, October 2, 2011
Hit විකට්.....
පුරා වසර ගණනාවක්
එක දිගට ලෑල්ලම දමා.....
Game එක තිත්තවීම
හේතු කොටගෙන.......
අන්තිමේදී ධෛර්ය ටිකක්
බාර් එකකින් ණයට ගෙන
සූර් වීමට පළමුව....
පුටු ඇන්දකට තබා....
කශේරුව Straight කොටගෙන....
බෝලය අයිතිකරුවන්
මුණ ගැසී.......
පැන්සොන් එකක් ඉල්ලා සිටි අතර.....
ඔවුන් මා දරුණු ලෙස Interview කොට....
පිස්සු නොකෙලින ලෙස තර්ජනය කර...
තරඟය පාව දෙන ලෙසට
අතයටින් පගාවක් දී....
පරණ බෝලයම...
මගේ ඇඟේ ගසා...
මා හට ජීවිතාන්තය තෙක්
තරඟ තහනමක් පනවන ලදී..
Saturday, October 1, 2011
හේතු බූත....
මාත් එක්ක මං තරහ වෙලා...
උඹ ඌත් එක්ක ගිය හන්දා......
හිත හූල්ලනව දුක වෑස්සෙනවා.....
මුළු ලොවටම වත මයෙ හංගා......
පෙර මාත් එක්ක කී කතා උඹට
තව මතක් වෙනවදෝ මන්දා...
විරහ ගීත මට මතක් වෙන්නෙ නෑ.....
කේන්තියට දෝ මන්දා.......
දුක හේත්තු වුනු තෙත මාත්තු වුනු....
හිත පීත්ත පටි හැම හංගා...
ගල් බාගයක් මම හීනියට ගෙන......
හීනයට දෙමි බන්දා.....
වස්සනයේ අභිමානවත් කම.....
ලෝකයට කී හින්දා.......
රඟපාල පෙන්වමි නාටකේ මම.....
නෝන්ඩියට වැට බන්දා....
Sunday, August 21, 2011
දුර හා විස්ථාපනය....
ගත ඩොටේ....
හිත රට වටේ
නැහැ පණේ......
වත මගෙ අතේ.....
ලුණු මණයි
අත ඇති පතේ.....
නුඹ නිසා
හිත පණ ගැහේ.....
කඳුලැලි හැලී
නෙතු යලි යලී......
පවසයි හදේ....
දුක් මැසිවිලී.....
සිතුවම් ඉරී...
පැහැයන් මැකී....
හිත පොත පුරා....
විරහව මිදී.....
අමතක නොවූ
මතකයෙ රැළි...
තවමත් හැපී....
හද වෙරළෙහි.....
මවනා රිදුම් දෙන....
කැළඹිලි....
නින්දෙන් මුදයි
අළු සිතිවිලි......
ඉක්මන් නොවු
පෙම් සිතිවිලි....
සක්මන් කරයි
හද මළුවෙහි.....
තනිකම මුදුන්
රෑ අහසෙහි.....
තරු වැල් නිදයි
රළු පහසෙහි....
Saturday, August 13, 2011
වෙනස.....
බැළු බැළු හැම අත.......
චංචල රේඛා......
අඳුර මැදින් සහසක් තරු
පායා.......
හදවත විසිරුණු......
සමනල සේනා..........
මතක මිටින් ගෙන ඉගිලෙනු පෙනුනා......
මදුවිත මුමුනන
ගී පද කෝමා......
අඳුරේ මතුවන සිතුවිලි බෝමා...
සියොළඟ මතුවන උණුහුම පරයා........
හීතල හදවත කොඳුරන දැනුනා.....
සිත් අග මතුවන
රත්වුනු ආශා.....
සුසුමින් ඇවිලෙන ගිනිසිලු සේමා....
හදවත ගල්වුනු විරහව පරයා....
අඳුරු මතක පිටු අවුලනු දැනුනා...
Thursday, July 7, 2011
බෙබා කවි......
හීන කලුවර වැඩිද මන්දා.....
මතක නෑ නොවැ දැක්ක දේ...
තාම චුට්ටක් වැඩිද මන්දා...
ඔළුව තාමත් භ්‍රමණයේ......
ඊයෙ කියල යමක් තිබ්බද....
යෙදුනෙ What පරිහරණයේ.....
අනේ පොඩ්ඩක් කියල යනවකො.....
මනස තව පරිභ්රමණයේ......
අන්ධ සිතිවිලි මන්ද වී ඇත...
මොකද මන්දා ජරමරේ......
හදවතත් අද උරණවී ඇත....
උදේ ඉඳලම බරබරේ........
උපන්දා සිට ඉන්න Reality.......
දන්න කළුසුදු ලෝකයේ......
පාට දැක්කට ඉඳල හිටලා.....
අවදි වෙනකොට කාණුවේ.....
Sunday, July 3, 2011
කූඹින්ගෙන් ප්‍රවේසම් වෙනු...
මං ඔහේ නැවතිලා
බලා ඉන්නවා
ඔබ දිහා.......
නිදි නැති තරු රෑන
මට වෙයි හිනා......
හැමදාම අහගෙන
මා කියන මේ
සීනි බෝල කතා......
හිතයි මට එවන්න....
ගුලිකර...
හිතෙන් පිටුවක් ඉරා....
පෙම ලියා තියා......
මට හැඟෙන නියා....
ඔබ වෙයිදෝ මට හිනා....
හද කොඳුරයි කාටත් හොරා...
හිතයි මට කියන්න
ලොවටම....
ඇසෙන්නට හඬ නඟා....
හිත පුරා එබෙන
නොනැවතී මැවෙන
මේ බොළඳ පෙම් කතා..........
පෙන්වන්නෙමි හද පලා........
Tuesday, May 17, 2011
හිමිකම
හිත ලඟ නැති රුව....
නෙත ලඟ රැඳුනට.....
මං කොහොමද උඹ අඳුනන්නේ.......
සිතුවිලි දැහැනට...
දොරගුළු හැරුනට.......
හදවත තාමත් අඩ නින්දේ.......
ප්‍රේමය ගඟුලකි
උඹ පවසනවා.......
හිත නෑ ඒ බව පිළිගන්නේ.....
දෙහදක් අතරේ......
එකම දිසාවට......
පමනද ආලය බැසයන්නේ.....
ප්‍රේමය සුලඟකි...
හද පවසනවා......
නුඹ නෑ ඒ වග පිළිගන්නේ.......
සියොළඟ දැනුනට.....
දැකගන්නට බෑ......
සිරකරගනු බෑ.....
හිත ඇතුළේ..........
Saturday, May 14, 2011
කබරයා.....
ඇකිලිච්චි නාස්පුටු වලට පහළින්
ඇද වෙච්චි කටට ගුඩුස් ගාල හලා ගත්තු.....
අරක්කු උගුර...
ගිරිය පුච්චගෙන පහලට ඇදෙනකොට.....
මගෙ හෘදය වස්තුව...
අන්නස්‍රොතය හරහා
අක්මාව දිහාට ඇදිලා යනබව
මට දැනුන......
මොළයෙ තියෙන
මතක බැංකුවල ලියැවිච්චි...
ඒත් හදවතට විතරක් දැනෙන...
ඉස්සර ඉමිහිරි..
දැන් තිත්තම තිත්ත...
යථාර්තය
මද්‍යසාරයේ දියකරන්නෙ
කොයිතරම් නම් උත්සාහ කෙරුවත්.....
ආයෙමත් කැරකිලා උඩටම එනවා....
ඕක්......
Saturday, May 7, 2011
ආදරේට කියන කතා.....
ඔබ මගේ ලඟින් ඉන්නව නම්
ආදරයෙන් ඉන්නම්
කඳුල සුසුම දරාන
දුක සමග සිනාසෙන්නම්......
කඳුළැලි පිනි දියකරලා
සිතිවිලි මල් මත ඉහලා......
සුසුම් වලින් පවන් සලා.....
හදවත දාහය නිවලා.....
හිත අද්දර නුඹට හොරා...
ඉන්නම් මම තුරුළුවෙලා
ඔය නිල්නෙතු ලඟට වෙලා
ඉන්නම් දිවි තියෙන තුරා.....
තනිකම් හිස් කෝව පුරා.....
පිවිතුරු ආලය පුරවා......
හදේ හැඩය ලැබෙන තුරා......
පැතුම් පහරවල දවටා......
නෙතු කැලුමක සිසිල හොවා....
දෙන්නම් දෝතට ඔසවා......
පිපුණු හිතට මුවා වෙලා......
ඉන්නම් නුඹ ලඟට වෙලා......
Tuesday, April 26, 2011
විලම්භීත.....
හොඳටම
මත්වුනු හදවත
හෙම්බත්වී.........
හිත පැද්දෙන අතකට
ලෙන්ගතුවී.......
සිතුවිලි හිමිහිට
අඳුරට නතුවී.......
හැර යන්ට හදයි.......
දුක අතපසුවී.....
ගැස්සෙන මතකය.....
නිදිබරවී......
හරිගස්සන්නට මට
අමතක වී.......
ආපස්සට යන සිතිවිලි
සිරවී.....
හදවත ඉතිරී දුක
යයි ඉහිරී....
හිරු විකසිත මුත්
අළු අසරණවී......
දහවල් අහසේ තරු
ගැබ්බරවී.....
වැලපෙන හද මල්
කැල මුකුලිතවී....
ගිලිහෙන්ට හදයි
තනිකම මටදී..
Friday, April 15, 2011
අයාලේ...
පියාඹන්න මට බෑ......
මගෙ හිත හරි බරයි.........
කියාගන්න මට බෑ.......
හදවත අසරණයි......
ලියාගන්න මට බෑ.....
වචනත් අමතකයි.......
නෙතු පියාගන්න මට බෑ......
මතකය අත වනයි.........
නෙතු අද්දර නවාතැනේ......
තනිවෙන්නට නිවාඩුවේ....
නුඹෙ උණුහුම් සෙනේහයේ.......
කිමිදෙන්නට දයාවියේ......
හැමදාමත් මගෙ හීනය
වී එනවද කුමාරියේ...
උඹ දකිනා හැම මොහොතෙම
හිත යයි මගේ අයාලේ....
හිතාගන්නවත් බෑ......
දහවල කළුවරයි....
මුවාවෙන්ට මට බෑ.......
සඳ රැස් මා හොයයි.....
දරාගන්න මට බෑ......
සිත්මල ඉකිගසයි...
මවාගත්තු අබිමන......
පැරදී දණ නවයි...
Wednesday, March 23, 2011
නොහැකියාව....
මගේ දිහා ඔබ බලා ඉන්නවා...
මුළු රෑ තිස්සෙම....
හිස් නෙතු අග්ගිසෙන්
වෑස්සෙන කඳුලු කැට දිහාවම
මට බලා ඉන්න බැරුවම......
හිත පළායන්න හැදුවම....
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට.......
අනුකම්පාවක් නෙවෙයි මේක......
මට කම්පාවක් විතරයි තනියට.......
කොම්පාසුවක් වගේ මගේ හිත
හැරෙයි ඔබගෙන් ඈතට........
හීන සරුන්ගල්.....
හිත් අහසේ....
හැඩ මාරුතයක මං මුලාවෙලා........
දීන සිතුම් වැල්.....
හුය පැටලී .....
මඟ අහිමිව අද හිඳී බලා.....
ජීවිතයම ඔබ බලා ඉන්න ඇති....
කුමාරයෙක් එනතුරු....
මඟ බලන් ඉතින් මම මොනව කරන්නද......
අසරණ හිත මඬිමි තද කරන්.......
මට දරාගන්ට බැරි දුක.......
අරගෙන පළායන්න හැදුවම.......
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට......
Saturday, March 12, 2011
Monday, March 7, 2011
පරිත්‍යාගය.....
පුළුන් පටවාපු ගෝනියක්
කරේ තියාන.....
මහා මෙරක් වගෙ
ලෝකෙටම පෙන්නගෙන......
ආතල් එකේ ඇවිදින
අවලම්.......
පුත්තලම් බූරුවෙක් වන මට.....
සිහිල ගෙනෙන.....
වැස්සක් වෙන්ට
පතන ඔයා.....
ගැන මට හිතෙන දේවල්
දන්නවනම්.....
එහෙම.......
මෙලාහකටත් ඔයා
ඉරිතැලිච්චි පොකුණක් හොයාගෙන
ගොහින්.......
පණ පොවන්නට.......
යළි යළිත්......
උපයා ගන්නට
ඔබේ ඔය මහා සැනසීම.....
නම්වූ මායව........
Saturday, March 5, 2011
Thursday, February 17, 2011
මංමුලාව........
සැනසුම
මඟහැරිලා......
අඳුරේ.......
තනිවම......
කුඹ සුන්.........
සෙනෙහස්......
ඔරුවේ.......
උතුරක්
නොමැතිව.....
දිවියේ......
පාවේ....
මියගිය...
සිතිවිලි....
වතුරේ.....
උණුහුම.....
පමණකි
දැනුනේ.....
කඳුලක
වියැලුනු......
ඉපැරණි.....
සිහිනේ....
හුස්මක....
පැටලුනු...
සුවඳේ......
ඇවිලේ....
තවමත්...
මතකේ....
හතිලන සන්තානේ.......
මුමුනන දුක් ගී රාවේ......
සුපිපුණු
හදවත
නුඳුරේ.........
කුසුමක්
මිලිනව
ඇත අද
අඳුරේ........
ලවනත....
රස මදිරාවේ......
මිහිරිය....
කළඹයි
මතකය
ආයේ.....
කොහිදෝ නුඹ සැඟවෙන්නේ.......
හදවත නැ පිළිගන්නේ.....
Saturday, February 12, 2011
ගින්දර.....
මේච්චල් නොවී
මගෙ හිත නෝක්කාඩුවෙන්........
නෝංජල් මගේ.......
හදවත ගැහෙයි සීරුවෙන්......
පාච්චල් වෙවී.....
සිතුවිලි තාම ශෝකයෙන්.....
නෑවිදින් ඉඳියි.......
සුන්දර වදන් කෝපයෙන්.....
නේත්‍රා කොනින් දුටුව දා පටන්.......
යාත්‍රා කරයි මහද වියරුවෙන්.......
මාත්‍රා ඉහිරිලා ලය තතින්.....
සාංකා පිරුනු රාගයන් වැයෙයි............
ජීවන දියඹේ නෑ හුළං.........
පුරවන්නට සිතුවිලි නැව් රුවල්.....
ලන්නට බෑ දුක් නැංගුරම්.........
පදවන්නෙමි මං හබලක් හොයන්....
Sunday, February 6, 2011
Sunday, January 16, 2011
අනුන්ගේ හීන...
ජොබක්....
කාඩ් එකක්....
ලැපක්...
කාරෙකක්...
ගෑනියෙක්...
ගෙයක්....
කුක්කෙක්.....
පැට්ටෙක්.....
ඉස්කෝලයක්...
Saturday, January 1, 2011
2011
වෙයිද මේකත්....
තවත් එක අංකයක්....
විතරක්ම සැඟවුනු.......
ලොග් පොතක පිටු අතර.....
කලබලෙන් කුරුටුගෑ.......
සහසකුත් ගී අතර.......
මත් රහිත වැකියක්......
නොදැනීම පසුකරන....
පාර අද්දර රැඳුනු....
හුදෙකලා මයිල කණුවක්............
සහසකුත් මතකයන්.....
විතරක්ම බැරකෙරෙන....
පොලිය නැති ගිණුමක්...........
තෑගි නැති දිනුමක්........
හදවතේ තත් අතර දඟකරන.....
සිතුවිල්ල.....
මිටින්ගෙන හිනැහෙන්න......
ඇහැකි නව වසරක්.....
හූ මිටි...
අද....
මෙතැන....
මේ මොහොත........
හෙට කොහේ තියේවිද........
පෙරදින කොහේ නම් තිබිනිද?......
අහන ගන්ධබ්බ හිත.....
අනාගත හීන වලට
අගුල්පත් තියන...
අතීත වේදනාව.......
සොයන අරුමෝසම් පිළිතුරු
අතර තනිවුනු....
මම.....
බලාපොරොත්තුවල...
ආටෝපයට පෙම්බඳින....
ආශවේ බීජ......
හිතේ ආලේප කරන..
නේකවිධ....
පාට.....
එකම එක
සිතිවිල්ලක් වටා එතී......
යළි යළිත්....
මතුපිටට ඒමට...
පොරබදන....
ක්රෝදය.....
ආදරණීය
අවසරපත සොරාගෙන....
අනවසරයෙන්....
දේශසීමාව....
පසුකරන.......
කාමය...
Subscribe to:
Posts (Atom)