Saturday, January 1, 2011

2011


වෙයිද මේකත්....
තවත් එක අංකයක්....
විතරක්ම සැඟවුනු.......
ලොග් පොතක පිටු අතර.....

කලබලෙන් කුරුටුගෑ.......
සහසකුත් ගී අතර.......
මත් රහිත වැකියක්......

නොදැනීම පසුකරන....
පාර අද්දර රැඳුනු....
හුදෙකලා මයිල කණුවක්............

සහසකුත් මතකයන්.....
විතරක්ම බැරකෙරෙන....
පොලිය නැති ගිණුමක්...........

තෑගි නැති දිනුමක්........

හදවතේ තත් අතර දඟකරන.....
සිතුවිල්ල.....
මිටින්ගෙන හිනැහෙන්න......
ඇහැකි නව වසරක්.....

7 comments:

෴ හසියා ෴ said...

උඹේ සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක් අළුත් අවුරුද්දේ....

හැමදාම සතුටින් ඉන්න.....

චතුර.... said...

සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා............!!!!

ayesha said...

හදවතේ තත් අතර දඟ කරන සිතුවිල්ල
මිටින් ගෙන හිනැහෙන්න ඇහැකි නව වසරක්ම ලැබේවා!

පිස්සා පලාමල්ල said...

සුබ නව වසරක් හේමලයෝ...

සෝරෝ said...

සුභ නව වසරක් වේවා...
මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ........

Dinu said...

අතීතයේ පෙරලුන
අංක දුන් පාඩම්
සතුටින් සිතට ගෙන
අලුතෙන් පෙරලෙන
මේ අංක හතරේ අවුරුද්ද,
මත් නැති
පාලු නැති
පොලිය ඇති
සුභ නව වසරක් වේවා...!!

Anonymous said...

හේමලයා ....කෝ ... කාලෙකින් දැක්කෙ නැහැ ....