Saturday, January 1, 2011

හූ මිටි...


අද....
මෙතැන....
මේ මොහොත........
හෙට කොහේ තියේවිද........
පෙරදින කොහේ නම් තිබිනිද?......
අහන ගන්ධබ්බ හිත.....

අනාගත හීන වලට
අගුල්පත් තියන...
අතීත වේදනාව.......
සොයන අරුමෝසම් පිළිතුරු
අතර තනිවුනු....
මම.....

බලාපොරොත්තුවල...
ආටෝපයට පෙම්බඳින....
ආශවේ බීජ......
හිතේ ආලේප කරන..
නේකවිධ....
පාට.....

එකම එක
සිතිවිල්ලක් වටා එතී......
යළි යළිත්....
මතුපිටට ඒමට...
පොරබදන....
ක්‍රෝදය.....

ආදරණීය
අවසරපත සොරාගෙන....
අනවසරයෙන්....
දේශසීමාව....
පසුකරන.......
කාමය...

7 comments:

Abeetha Edirisinghe said...

හේමලයගෙන් දිග කවියක් කියවන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්.... ඒත් මම පෞද්ගලිකව කැමති උඹේ පුංචි කවි වලට....

හරී - පිණිපළස said...

හේමලයාට සුභ නව වසරකට ආසිරි !!!!

dinesh said...

හේමලය කිව්වොත් ඉතින් සුපිරියි නොවැ.

හසී said...

ලස්සනයි කවිය, සුබ නව වසරක් අයියේ.... !

මම ඩුමාංජරිය said...

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.................

ayesha said...

අපූරුයි යාළු. සුභ අලුත් අවුරුද්දක් වේවා!

malithi said...

අද මේ මොහොත විඳින්න .. හෙට තවම ඉපදී නැත
que sera sera ... bro