Saturday, February 12, 2011

ගින්දර.....



මේච්චල් නොවී
මගෙ හිත නෝක්කාඩුවෙන්........
නෝංජල් මගේ.......
හදවත ගැහෙයි සීරුවෙන්......
පාච්චල් වෙවී.....
සිතුවිලි තාම ශෝකයෙන්.....
නෑවිදින් ඉඳියි.......
සුන්දර වදන් කෝපයෙන්.....

නේත්‍රා කොනින් දුටුව දා පටන්.......
යාත්‍රා කරයි මහද වියරුවෙන්.......
මාත්‍රා ඉහිරිලා ලය තතින්.....
සාංකා පිරුනු රාගයන් වැයෙයි............
ජීවන දියඹේ නෑ හුළං.........
පුරවන්නට සිතුවිලි නැව් රුවල්.....
ලන්නට බෑ දුක් නැංගුරම්.........
පදවන්නෙමි මං හබලක් හොයන්....

6 comments:

ඉලංදාරියා said...

එල මචෝ පදටික ලස්සනයි උඩටිඅ සින්දුවකට ගන්න පුලුවන්...

ඔව් උබ දුක ලග නෑවතිලා හිටිය කල් හොදටම ඈති.... දෑන් ජිවන දියබේ පෑදයම නෑවු රෑවල්..

ජයවෙවා මචෝ..

priyantha said...

දැන් අඩුවෙන් ලියන්නේ ඇයි. ලියන්න දිගටම. මේ ලියන ඒවා අපට අමුතුම ආකාරයක වින්දනයක් දෙනවා. ජය..

ayesha said...

හරිම ලස්සනයි

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

නේත්‍රා කොණින් දුටුවදා පටන්
යාත්‍රා කරයි මා හද වියරුවෙන්!
නියමයි
අමුතු වචන ටික නියමෙට අහුරලා !
හොයා ගත්ත හබල හයියද කියලා ෂුවර් නේ?

Hipo said...

පද පෙල වගේම තේරුමත් හරිම ලස්සනයි ..

෴ හසියා ෴ said...

ලස්සනයි මචෝ.....

අප්පේ උඹව දැක්ක කල්...මං හිතන්නේ මමයි වැරදි.මටයි එන්න බැරිවුනේ.....
දිගටම ලියන්න සහෝ.....සුභ පතනවා....