Friday, April 15, 2011

අයාලේ...



පි‍යාඹන්න මට බෑ......
මගෙ හිත හරි බරයි.........
කියාගන්න මට බෑ.......
හදවත අසරණයි......

ලියාගන්න මට බෑ.....
වචනත් අමතකයි.......
නෙතු පියාගන්න මට බෑ......
මතකය අත වනයි.........

නෙතු අද්දර නවාතැනේ......
තනිවෙන්නට නිවාඩුවේ....
නුඹෙ උණුහුම් සෙනේහයේ.......
කිමිදෙන්නට දයාවියේ......
හැමදාමත් මගෙ හීනය
වී එනවද කුමාරියේ...
උඹ දකිනා හැම මොහොතෙම
හිත යයි මගේ අයාලේ....

හිතාගන්නවත් බෑ......
දහවල කළුවරයි....
මුවාවෙන්ට මට බෑ.......
සඳ රැස් මා හොයයි.....

දරාගන්න මට බෑ......
සිත්මල ඉකිගසයි...
මවාගත්තු අබිමන......
පැරදී දණ නවයි...

3 comments:

Anonymous said...

හේමලයෝ ....කාලෙකින්... ඉතින් මොකද මේ දුක් ගීත පද වැල්...

තුටින් පිරි අවුරුද්දක් වේවා කියල මම පතනවා... හැබැයි ඉතින් කොච්චර ප්‍රාර්ථනා කරත් වැඩක් නැහැ , තමන්ගේ හිතේ තමයි වැඩේ තියෙන්නේ....

හා පැටික්කි (MS) said...

අම්‍ ‍මෝ සෑ‍හෙන කා‍ලෙකින්.................

හ්ම්ම්ම්ම්ම්

සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

දුකා said...

ජීවිතයේ එක කාලයකදී දුකත් විඳගන්න ඕන මළයා . .

එතකොට තමයි සැප විඳින කාලෙදී සැපේ තරම කොපමනදැයි තේරෙන්නේ . .

ජය