Tuesday, May 17, 2011

හිමිකම



හිත ලඟ නැති රුව....
නෙත ලඟ රැඳුනට.....
මං කොහොමද උඹ අඳුනන්නේ.......
සිතුවිලි දැහැනට...
දොරගුළු හැරුනට.......
හදවත තාමත් අඩ නින්දේ.......

ප්‍රේමය ගඟුලකි
උඹ පවසනවා.......
හිත නෑ ඒ බව පිළිගන්නේ.....
දෙහදක් අතරේ......
එකම දිසාවට......
පමනද ආලය බැසයන්නේ.....

ප්‍රේමය සුලඟකි...
හද පවසනවා......
නුඹ නෑ ඒ වග පිළිගන්නේ.......
සියොළඟ දැනුනට.....
දැකගන්නට බෑ......
සිරකරගනු බෑ.....
හිත ඇතුළේ..........

Saturday, May 14, 2011

කබරයා.....



ඇකිලිච්චි නාස්පුටු වලට පහළින්
ඇද වෙච්චි කටට ගුඩුස් ගාල හලා ගත්තු.....
අරක්කු උගුර...
ගිරිය පුච්චගෙන පහලට ඇදෙනකොට.....
මගෙ හෘදය වස්තුව...
අන්නස්‍රොතය හරහා
අක්මාව දිහාට ඇදිලා යනබව
මට දැනුන......
මොළයෙ තියෙන
මතක බැංකුවල ලියැවිච්චි...
ඒත් හදවතට විතරක් දැනෙන...
ඉස්සර ඉමිහිරි..
දැන් තිත්තම තිත්ත...
යථාර්තය
මද්‍යසාරයේ දියකරන්නෙ
කොයිතරම් නම් උත්සාහ කෙරුවත්.....
ආයෙමත් කැරකිලා උඩටම එනවා....
ඕක්......

Saturday, May 7, 2011

ආදරේට කියන කතා.....



ඔබ මගේ ලඟින් ඉන්නව නම්
ආදරයෙන් ඉන්නම්
කඳුල සුසුම දරාන
දුක සමග සිනාසෙන්නම්......

කඳුළැලි පිනි දියකරලා
සිතිවිලි මල් මත ඉහලා......
සුසුම් වලින් පවන් සලා.....
හදවත දාහය නිවලා.....
හිත අද්දර නුඹට හොරා...
ඉන්නම් මම තුරුළුවෙලා
ඔය නිල්නෙතු ලඟට වෙලා
ඉන්නම් දිවි තියෙන තුරා.....

තනිකම් හිස් කෝව පුරා.....
පිවිතුරු ආලය පුරවා......
හදේ හැඩය ලැබෙන තුරා......
පැතුම් පහරවල දවටා......
නෙතු කැලුමක සිසිල හොවා....
දෙන්නම් දෝතට ඔසවා......
පිපුණු හිතට මුවා වෙලා......
ඉන්නම් නුඹ ලඟට වෙලා......