Sunday, July 3, 2011

කූඹින්ගෙන් ප්‍රවේසම් වෙනු...



මං ඔහේ නැවතිලා
බලා ඉන්නවා
ඔබ දිහා.......
නිදි නැති තරු රෑන
මට වෙයි හිනා......
හැමදාම අහගෙන
මා කියන මේ
සීනි බෝල කතා......

හිතයි මට එවන්න....
ගුලිකර...
හිතෙන් පිටුවක් ඉරා....
පෙම ලියා තියා......
මට හැඟෙන නියා....
ඔබ වෙයිදෝ මට හිනා....
හද කොඳුරයි කාටත් හොරා...

හිතයි මට කියන්න
ලොවටම....
ඇසෙන්නට හඬ නඟා....
හිත පුරා එබෙන
නොනැවතී මැවෙන
මේ බොළඳ පෙම් කතා..........
පෙන්වන්නෙමි හද පලා........

4 comments:

Dinesh said...

හේමාල සහෝදරයාගෙන් ගොඩක් දවසකට පස්සේ නිර්මාණයක්.. හරිම අපුරුයි කවි පෙල...

ayesha said...

හරිම අපූරුයි යාළු

පබලු said...

ඒක නියමයි .... :::::::::::)

හිතයි මට එවන්න....
ගුලිකර....
හිතෙන් පිටුවක් ඉරා...

මේ ටිකට මම ආසයි

අහිංසකි said...

මාත් පබළු +++++++++++++++