Thursday, July 7, 2011

බෙබා කවි......


හීන කලුවර වැඩිද මන්දා.....
මතක නෑ නොවැ දැක්ක දේ...
තාම චුට්ටක් වැඩිද මන්දා...
ඔළුව තාමත් භ්‍රමණයේ......

ඊයෙ කියල යමක් තිබ්බද....
යෙදුනෙ What පරිහරණයේ.....
අනේ පොඩ්ඩක් කියල යනවකො.....
මනස තව පරිභ්‍රමණයේ......

අන්ධ සිතිවිලි මන්ද වී ඇත...
මොකද මන්දා ජරමරේ......
හදවතත් අද උරණවී ඇත....
උදේ ඉඳලම බරබරේ........

උපන්දා සිට ඉන්න Reality.......
දන්න කළුසුදු ලෝකයේ......
පාට දැක්කට ඉඳල හිටලා.....
අවදි වෙනකොට කාණුවේ.....

8 comments:

පිණිබිඳු... said...

පාට දැක්කට ඉඳල හිටලා
අවදි වෙනකොට කාණුවේ
මූණ ලෙවකා සුනඛ තඩියෙක්
පතයි සුභපැතුමන් උදේ..

පුතා said...

\\ඊයේ කියලා යමක් තිබ්බද\\ මං හිතන් හිටියේ ඕක පොදු ප්‍රශ්ණයක් නෙවෙයි කියලනේ.. :)

අහිංසකි said...

මරු හේමලයෝ

අකීකරු හිත said...

නියමයි

පූසා said...

මරු කවි ටික! :D

//ඊයේ කියලා යමක් තිබ්බද
හඃ හා හැමොටම එහෙමයි එහෙනම් :D

දිල් said...

කන්ද තරමට බොන්න ලැබුනට
නිකම් හින්දා හිතුමතේ
දීලා ඇද්දට පාඩු මට නොව
තාම මම පරිභ්‍රමණයේ

චතුර.... said...

ඔහොම වෙන එක හරි නැහැ..

ayesha said...

ane manda