Saturday, October 29, 2011

පිkkzසු......



මිදි....
ඇත්තම උනත්...
තිත්තම තිත්ත මිදි.....
ශික්....මට තව මදි....
අම්මපල්ල ඉන්න හැටි තවමත්
ඇඳන් රෙදි.......
අපි නොදන්න චීනඩි....
කාටද ඕනි කඩා ගන්න බැරි මිදි....
මකබෑවිලම පළ.....
මොකට කොරනවද හදි....
ඇයි කනවද කොහෙ හරි කඩි.....
අපි කනව රට ඉඳි.....
අමුවෙන්ම හරි.....

Thursday, October 13, 2011

සිකියුරිටි.....



කොහෙද
උඹලට ඉතින්
මේවා තේරෙන
එකක්යෑ......
අපි මෙ බල්බ් එක
සැට් කොරල තියෙන්නෙ...
3 Core වයර් වලින්.....

Tuesday, October 11, 2011

චින්තනය.....



තැටිය දුවන්නෙ
එකමතැනය
කියලා උඩපැන්නට මොකෝ.....
වටේ දිව්වත්
අන්තිමේදී
ආයෙම කැරකිල
එන්නෙ මුලටම නෙව......

Thursday, October 6, 2011

අකුරට වැඩ.....



බෝලෙ නම්
ඔහෙ දෙපැත්තට
පාස් වෙනවය කියමුකෝ....
ඒත් මක්කටද මේ තඩි දැලක්....
මැද්දෙන්....
අටවල තියෙන්නේ......

Sunday, October 2, 2011

Hit විකට්.....



පුරා වසර ගණනාවක්
එක දිගට ලෑල්ලම දමා.....
Game එක තිත්තවීම
හේතු කොටගෙන.......
අන්තිමේදී ධෛර්ය ටිකක්
බාර් එකකින් ණයට ගෙන
සූර් වීමට පළමුව....
පුටු ඇන්දකට තබා....
කශේරුව Straight කොටගෙන....
බෝලය අයිතිකරුවන්
මුණ ගැසී.......
පැන්සොන් එකක් ඉල්ලා සිටි අතර.....
ඔවුන් මා දරුණු ලෙස Interview කොට....
පිස්සු නොකෙලින ලෙස තර්ජනය කර...
තරඟය පාව දෙන ලෙසට
අතයටින් පගාවක් දී....
පරණ බෝලයම...
මගේ ඇඟේ ගසා...
මා හට ජීවිතාන්තය තෙක්
තරඟ තහනමක් පනවන ලදී..

Saturday, October 1, 2011

හවුල් ව්‍යාපාර....



කවුද බොලේ දන්නේ
උඹ ගහ උඩටම නැගලා
මං එනකන් බලාන ඉන්නවා
කියල....
මම මෙහෙ.....
ගහ පාමුල
ගෝනිය අල්ලන් ඉන්නවා...
එකතු කොරගන්න.....

හේතු බූත....



මාත් එක්ක මං තරහ වෙලා...
උඹ ඌත් එක්ක ගිය හන්දා......
හිත හූල්ලනව දුක වෑස්සෙනවා.....
මුළු ලොවටම වත මයෙ හංගා......
පෙර මාත් එක්ක කී කතා උඹට
තව මතක් වෙනවදෝ මන්දා...
විරහ ගීත මට මතක් වෙන්නෙ නෑ.....
කේන්තියට දෝ මන්දා.......
දුක හේත්තු වුනු තෙත මාත්තු වුනු....
හිත පීත්ත පටි හැම හංගා...
ගල් බාගයක් මම හීනියට ගෙන......
හීනයට දෙමි බන්දා.....
වස්සනයේ අභිමානවත් කම.....
ලෝකයට කී හින්දා.......
රඟපාල පෙන්වමි නාටකේ මම.....
නෝන්ඩියට වැට බන්දා....

විභාග සහ අධ්‍යාපනය.....



අමාරුවෙන්.....
පීනල පීනලා......
එගොඩ වුනාමයි දැක්කෙ.....
මේක....
සාගරයක් මැද්දෙ තියෙන....
පුංචිම පුංචි
දූපතක් කියල.....