Saturday, October 1, 2011

හේතු බූත....



මාත් එක්ක මං තරහ වෙලා...
උඹ ඌත් එක්ක ගිය හන්දා......
හිත හූල්ලනව දුක වෑස්සෙනවා.....
මුළු ලොවටම වත මයෙ හංගා......
පෙර මාත් එක්ක කී කතා උඹට
තව මතක් වෙනවදෝ මන්දා...
විරහ ගීත මට මතක් වෙන්නෙ නෑ.....
කේන්තියට දෝ මන්දා.......
දුක හේත්තු වුනු තෙත මාත්තු වුනු....
හිත පීත්ත පටි හැම හංගා...
ගල් බාගයක් මම හීනියට ගෙන......
හීනයට දෙමි බන්දා.....
වස්සනයේ අභිමානවත් කම.....
ලෝකයට කී හින්දා.......
රඟපාල පෙන්වමි නාටකේ මම.....
නෝන්ඩියට වැට බන්දා....

6 comments:

හරී - පිණිපළස said...

මේක බස් අජිත් දැක්කොත් සිංදුවකට ගනී, කෝකටත් කොපි රයිට්ස් තියා ගන්න,, කාලෙකින් ඇවිත් මොකෝ හැබෑට මේ?

Rasika Kariyawasam said...

අගෙයි. ගීතවත් !!

පූසා said...

උඹත් එක්ක තරහා වෙලා
ඌත් එක්ක ගිය හන්දා
හිත රිදුනත් මතකය හින්දා
නාඩා ඉඳින් හොඳටයි ඔව්වා

කැන්දා ආ දිනක මනමාලිය කරලා
ගියා නම් ඈ ඌ එක්කා
ලෝක ලෙඩක් වන හන්දා
සතුටු වෙයන් දැන්මම ගිය හින්දා

ayesha said...

අපූරු ගැළපීම

Dinesh said...

අපූරු සිතුවිල්ලක්....

හසී said...

කාලෙකින් ආයෙත් ඇවිත්... නියම සිතුවිල්ලක්... :)