Sunday, November 13, 2011

ප්ලාස්ටික් හීන



මේ සංසාරේ....
ආසාව.....
ක්‍රෙඩිට් Card එකක්.......
ඕනෙම නැතත්....
ආසයි කාටත්.....
ගන්න දැනෙන්න.....
අහසෙ ගෑවෙන උස Limit එකක්....
හත් වාසි දැක්කාම
මවල පෙන්නවන….
කැළඹේ හිතත්...
නැතත් අතේ...
තිබේ හිතේ......
කරවටක් ගිලුනත් නෑ කමක්....
ඔය කොහොම දිව්වත්....
මගදි වැටුනත්.......
නැගිට ගන්නට ඇතිනෙ කාලයත්.....
කවුරු කොයි ලෙස
ගණන් හැදුවත්.....
සාර සංඛය කල්ප ලක්ෂ්‍යය දින 51ක්...
පණ ගැහෙනකම්......
රහ දැනෙනකම්....
ණය ගෙවල දාන්න නෑනේ හිතක්....
දත කාල දාගෙන.....
කෙළවර්ක් නැති....
Minimum Payments වැලක්......
දුක් විඳිනවා ගෙවන්න....
හොයන්න නොපෙනෙනා....
Opportunity Cost එකක්......
රුවාගෙන හිස ජලය මතුපිට...
තියාගෙන
Credit Score එක......
පදින්නට තව...
Life Time එකක්....

4 comments:

ayesha said...

නියමයි

දුකා said...

ඕක ඉතිං හරියට පාවිච්චි නොකලත් ඉතිං සොරි තමා රජෝ

පිස්සා පලාමල්ල said...

හරියට පාවිච්චි නොකරොත් මාරන්තික පවක්

priyantha said...

අපූරුයි. අද තමා දැක්කේ ආයෙම ලියනවා කියා. මං සිතා සිටියේ දැන් ලියවෙන්නේම නෑ කියා.
ඇත්ත තමා අපි මේ ප්ලාස්ටික් කාඩ් එකට යටවෙලා තියන තරමක්...:DDD