Sunday, December 11, 2011

යාවජීව....



දිනුම් කණුවක
සෙවනැල්ලට යටවී
විසිල් සහ පිනුම් අතර
සමබරතාවය සොයන
Photogenic හීනවල
අතරමං වූ ජීවිතය.....
අනන්තයෙන් ඔබ්බට
තල්ලු කරන්නට වෙරදරන.....
හතිලන හෘද සාක්කිය......
පාවදී ඩොලර් දෙක තුනකට....
පා නගමු නියොන් එලියෙන්
ඒකාලෝක වූ
සෙවනැලිවලින් තොර….
අවිඳු අඳුරට....
සී සීකඩ විසි කොට....
මානව වටිනාකම්.....
සපත්තුවට යටකොට....
සියළුම නෑදෑකම්...
පැළඳගෙන සහසකුත් එකක්
නිවී දිලිසෙන
රන් ආලේපිත මායාවන්........
හිස නමමු.....
උන්නති කාමයේ...
තීව්‍ර අඬහැරයට.....
ගමනේ යා.....

2 අදහස්...:

නරකයා.... said...

අඩෝ සිරා සීන් එක...

Dinesh said...

අපූරු අදහසක් අයියේ..