Sunday, December 30, 2012

Aqua Tofana....



කුළුගෙඩියකට
යටවී මළ
මිණිගෙඩිය...
තවමත් රැව් දිදී
පාරයි...
හද කුටිය......
මෝරන කැකුළු
සිතිවිලි
මල් අමතමින......
පවසනු නොහැක ඒ වත
හඬ ගොරහැඩිය....

සිත් අග ලෙළෙන
උදහස නෙත් කැනින් මකා.....
ලත් හිරු සේම
පෙරඹර ලප කැළැල් අකා....
රෑ අඳුරකට පෙම් බැඳ
දොර පියන් වසා......
පත් ඉරු මලෙක
විස ලූ වෙමි හැඟුම් නසා.....

Friday, November 23, 2012

වතුර....



තුරුළු කරන් බැන අඬගෑවට
දන්නවද
මම උඹට ආදරේ විත්තිය
බලන්ට එපා
ඔහොමටම
නෝක්කාඩුවෙන්
හිත බරවෙනව
මටත් නොදැනිම
මහ පුදුම හිස්කමකින්
බලාපන් අර හැංගිලා ඉර
ඒත් සුලඟට පවා
කැවී ඇත එහි සැර වැර....
ආකාහෙ නෙතු පියාගෙන
සැරසෙන්නෙ කඳුලක් සලන්නට
ඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලි
හීන මල්පෙති හේම නොතෙමන්
මාත් උඹ වාගෙම අසරණයි
මේ කටුක පොළොවේ
වියළි ගිනි ගහන පිට මත
තවත් එක කූඹියෙක් විතරමයි
මම....
පියාගෙන ඔය දෙනෙත්
මදකට බාරකොට නුඹේ
හිස මයෙ ළමැදට
තාලයට හද ගැහෙන
හීනයට පිවිසෙන්න
ඒ හීනෙ මට ඉන්න
පොඩි ඉඩක් තියාපන්..
මොකට වැට මායිම්ද
ජලයට වඩා උකුයි ලෙය

Saturday, October 20, 2012

අමූලික....



අයි ඈම් වෙරි සොරි.....
මට හොඳටම වෙරි......
දැන් පදමට හරි......
හිටගන්ටත් බැරි.......
ගැහිලා හරි බරි.....
උන්නට සිතිවිලි.....
අහංකාර හදවත
ඉගිලෙන්න හදයි යළි.....

සතියේ දින අට
මට කවදත් මදි.....
අම්මපල්ල දවසේ
විසි පස්වෙනි පැය ඇති.....
කාලය පිරිමැස්ස්මෙන්
අනුභව කරන්නෙ අපි....
මොනව කලත් අයියෝ
අපෙ නෑ ඔය බොරු බිසී.......

කඹුරන තරමට....
හදවත ඇඹරෙනවා
කස්කුරුප්පු  සිත මත....
කවි පද ලියලනවා......
කවිහිත පාමුළ.....
මධුවිත වියැලෙනවා......
බඩේ උපන් සිංහය
ලෝකය අමතනවා.........

Saturday, October 13, 2012

මුලු මට්ටම....



අන්ධ බූත ජාතකයේ
බමුණාවෙමි මං.....
සියුමැලි අතකින්
එන හැඩි දැඩි පහරට ලොල්....
කඩතුරාව තුලින් දුටිමි...
ඔබේ කුමරුවන්...
ඒත් මහද තවම ලොබින්....
සොයයි පහස කම්.....

ආදරයට...
ආදරයක්....
නැහැ නොවෑ කිසි කම්පාවක්...
ජීවිතයට
ජීවිතයක්...
කොහෙද ඉතින් සංකාවක්.....
ලොබ බඳිනෙමි....
තිදොසට......
මට නම් නෑ ඉවසිල්ලක්....
සංසාරේ
තව දුර......
මරණය මහ රැවටිල්ලක්.....

ජාති ජාති.....
පතාන ආ....
ආදරේට නැවතිල්ලක්......
ඉපදුනු දා පටන්
පැතූ.....
ඉස්පිල්ලට පාපිල්ලක්......
දොස් පවරමි
මම මට.....
නැතිවට කිසි සැනසිල්ලක්....
රමණය අග
මරණය....
මැකිළියෙ තිට මැසිවිල්ලක්.....

Saturday, September 22, 2012

ප්‍රායශ්චිත්තය



නිදහසේ වපසරිය....
සොයා යන....
උදහසේ පරිමිතිය.....
බලා යන.....
මදහසේ අනිමිසය....
මුලා කල....
ජීවිතේ අවනතිය....
වෙලා නුඹ....

ආදරේ පරිමත
සොයා මේ මිහිමත....
ගියා නුඹ කතරක...
අතැර
නිල් දිය කඳ.....
සැබෑවන සහසක්....
සිහින අතරින්
අහසක්....
සොයන
කණ කැස්බෑ නෙතකට...
නොවෙමි
විය සිදුරක්.....
ගිලීයන සෙනෙහසට...
ඩැහැගන්ට
එකම එක....
පිදුරක්.....

ජීවිතේ ගලිවරය
කරා යන....
ලිලිපුට්ටෙකුට මුවා
වුන.....
මරණයේ චුම්බනය
අකාලික....
වැළඳගමි ස්නෙහයෙන්
අසීමිත....

වැලපෙන්ට සිත්සේ...
නිම්නොවූ…
මැසිවිල්ලේ...
නිවී සැනසිල්ලේ.....
අතුල
සිතිවිල්ලේ.....
මුලාවුනු පහසක්....
සොයන
විලිබර හිතකට......
නොවෙමි
මම කිළුටක්.....
විඩාබර නෙතු පියන්
සනහන්ට...
මැවුනු නිදි
පැදුරක්.....

Saturday, September 8, 2012

කරකම....



තියාගන්ට තදකොට
ඉවසා
යෙදුවට තැත.....
කියන දෙයක් නාහන
මයෙ
අකුරු දෙකේ හිත.....
සබකෝලය
මුහුවුනු.....
සිනහව යහපත්කම....
ගොම්මන් අඳුරට
නොපෙනෙයි
ඒ දුප්පත්කම....

දකින දකින
මල්පෙති යට රැඳි
කෑඹළ වට
සොයා ඇදෙයි
පරදා
එක් දහස් එකක් මත....
මටම දමන
මගෙ ගැට....
එතිලා සිතුවිලි මත....
හදවත පැත්තකටවෙලා...
ඉඩහැර තිදොසට..

සීතල වටයා
රවුමට....
මුහුකොට තනිකම....
ගැඹුරට වැදිලා
හද දොරගුළු අඩවන් කොට...
හීන උන්ඩිකොට
සඟවා උණුහුම්
කෙසුරක....
රෑට නින්ද නෑ
දියවී වැගිරෙයි.....
කලිමල.....

Friday, August 24, 2012

තීන්දුව.....



ගසා අඬබෙර....
වසා මුවදොර.....
සිනාසෙමි මම...
ඇඬූ කඳුලෙන.....

බිඳී විසිරුණු....
පැතුම් පොදි බැඳ......
මුවා කෙරුවෙමි....
හදේ ගිනියම......

හිතේ මැලවෙන...
මහා තනිකම....
මකා ඇවිලෙයි...
මතක සිතුවම.....

සිහින ඇහැරෙන...
මහා පිපුරුම...
ලඟම එයි...
පුපුරුවාගෙන කස....

විදා හල හිස්...
නෙතේ කඩතුර....
ගසා හල අළු...
මවයි උදහස.....

මරා මදහස.....
පුරා නුඹ කුස....
සරයි කිළුටින්....
සිලිටි වුනු හිත......

විරාගී මන....
තලා පොඩිකොට....
සරගී නෙතු
මකයි සරතැස.....

විලම්භීතව
සිනාසෙමි මම....
මගේ විජිතය...
අරාජික කොට....

අමන්දානන්දයට
මූලික
හේතු ප්‍රථ්‍යය
නොවේ සත්‍යය.....

මේ වසන්තය
සදානන්දය
දුක අනන්තය....
මා අනාථය......

Sunday, August 12, 2012

බෝමන් තියරිය.....



තෙරක් නොපෙනෙන
වැලිතලාවක.....
වැතිර උන්නෙමි......
උඩුකුරුව මම......
නොපිට පෙරළුනු කුරුමිණියෙකු සේ.......
නැගිට ගන්නට බැරි නිසා.....
වලාකුලකුදු නොමැති අහසක....
පට්ට අව්වේ තට්ට තනියම.....
සිහින සහසහසක්
බල බලා......
අඩියෙ චුට්ටක් ඇති නිසා.....
හිස හැරෙව්වෙමි
නෙතු පිනෙව්වෙමි.....
අවට ඇති පාලුව බලා........
ඇහැකි නම් මට....
මෙතැන මෙලසින්
හිඳ මියෙන්නට....
එළිය සොයාගිය ආවාගියෙකු සේ.......
තිබුනි නම්
මට ශක්තියක්.......
කැගසන්නට වීරියක්.....
නැතිව වාගෙයි....
කාත් කවුරුත්
ලන්න සැකයේ වාසියක්....

Saturday, August 11, 2012

චේතනාව...



ගලන
දොළකට…
හෙලමි
ගල් කැට....
සිතාගෙන
කලඹන්ට
දිය කඳ.....

Sunday, July 22, 2012

නිසා......



විස්කිවලට කියන්නෙපා......
මට වැඩි වුනු බව....
බිත්ති වලට කියන්නෙපා
අමතකවුනු වග.....
සැන්ඩිවලට දැනෙන්නේ නෑ...
කවළම් වුනු බව.......
අහක ගියත් බනින්නෙපා.....
වැමෑරුවේ දුක....

අනේ අහක බලන්නෙපා......
අහසේ තරු ඇට......
දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....
හිත කුටියෙන් පිට....
මතක වතුර කැළතී විසිරී
යයි බව දුක......
පෙන පිඩු මත රැඳී ඉන්න
දඟලයි සෙනෙහස......

දෙනෝ දහක් දුටුවත්
අහසේ ඇති පුන්සඳ......
ඇයි මට විතරක් මේ හැමදාම
අමාවක......
නියොන් එළිය කුළියටගෙන
ඉන්න සදාටම.....
එන්න ඇවිත් අරන්යන්න
හදේ ගාන්චුව.....

Saturday, June 2, 2012

පේන හීන.....



තරු එළියේ...
හීන හැංගිලා.....
ඔබ එන තුරා.....
ඉන්නවා බලා....
මගෙ දිවියේ...
ආලෝකය මවා....
අවදිකලා…..
අමාවක නිමා.....
වෙලා....

මන්ද ස්මිතයෙන්...
සැරසිලා....
බලන්න මා දිහා.....
සිහිනෙන් පවා...
ඔබ කී කතා.....
හැබෑවක්ම වෙලා.....
කඳුළැලි මකා.....
දුක අතරමං කර....
යන්න පාවෙලා.....
අතරින් දුහුල් වලා......
ඔබ එන්න මා කරා...

ක්ෂේම භූමියෙන්
සැඟවිලා....
සිත යයි මුලාවෙලා.....
නෙතඟින් පවා
ඔබ කී කතා
ඉනාවක්ම වෙලා....
සිතිවිලි උනා...
හිත නිරුවතින්
අසරණයි මෙමා....
හිනාවක් වෙලා......
ඔබ එන්න මා කරා....

Saturday, May 26, 2012

දියසේන....



තලමු පෙළමු....
භූමිය...
යවුලින්....
වියරුවෙන්....
පතා සුනිල
දිය දහරක්.....

සැළෙන ලෙළෙන
හිස්
සිඳිමින්...
විකල්ලෙන්....
පතා නිමල......
දිවි පෙවෙතක්.....

පෙනෙන දකින......
ඇස්....
කඩින්...
බඳිමින්...
පතා සොඳුරු....
පිය දසුනක්.....

බිඳිමු නවමු...
සිත්
සතන්....
රවටමින්...
පතා නිකැලැල්
පුහු සතියක්.....

පවසැති සෙයින්
මුඛ
වාඩමින්...
මඬිමින්...
පතා මිහිරි
පිය තෙපුලක්.....

නවාගෙන හිස
නෙත්
අයාගෙන
දයාවෙන
පතා කතරට
මහා වරුසාවක්....

Saturday, May 5, 2012

වසන්තේ....



අන්ධකාරේ...
ඉමි රාළේ...
මුලාවී.....
ඇගෙ ඉනාවේ.....
වන්දනාවේ....
හිත මාගේ...
ගොස් වෙලීලා
ඇගෙ හිනාවේ.....
පුන්චි කාලේ...
බැන්ද ආලේ...
දැන් කොහේවත්ම
නෑ නේ.....
මං සොයා ඒ....
මතක යායේ.....
සිතැඟි පැටලී...
ඇගෙ කතාවේ....

දුර අතීතේ....
හීන ආයේ.....
පාවි පාවී.....
ඇවිත් පේන මානේ......
ඔය හිනාවේ....
අරුත තේරේ.....
ගෑවි ගෑවී
ලඟින් ඉන්ට ඕනේ....

හීන ගැස්සේ.....
එළිය හිස්වේ...
නෙතු අගින්...
පැතුම් එළි දිස්වේ.....
හිත අගිස්සේ......
රැඳුනු රස්නේ.....
ඔය කැලුම් මල්
මිටින් සුමුදුවේ....

හිත අනන්තේ....
දුර දිගන්තේ.....
ආයෙ ඒවී...
හද අස්වසන්නේ....
සිනහ වැස්සේ....
කඳුලු හැංඟේ...
ඔබ ඇවිත්...
අරන් මගෙ වසන්තේ.....

Sunday, April 29, 2012

බොරු වැල්ල



මඩ ගොහොරුවක...
කෙලින් ඉන්දාපු
ඇදවෙච්චි
ඉන්නක් උඩ...
තනිවෙච්චි හී තුඩක්...
ඒක මත
ගෑවිච්චි....
පරවෙච්චි හීනයක්....
හොයගෙන ඇවිත්..
නිල මැස්සෙක්.....
පාරනව...
හොය හොය...
කුණු රසය...
තව තවත්...
බුර බුරා නැගෙන
ගිනිදැල්ලෙ
එලියටත්...
බය නැහි හැටි විතරක්...
ඒ ගින්නෙ දියවෙච්චි.....
හද විමන්..
ඇද හැලෙයි...
නෙතු දොරින්...
නොනැවතී සීරුවෙන්....
කැගසන්නට තනන..
සිතැඟි
අඩ නිරුවතින්.....
එරි එරී...යලි යලිත්....
මතුව එයි....
ගොහොරුවෙන්......

Thursday, April 26, 2012

කණිසම.....



එන්ට එන්ටම අවුල වැඩිවෙයි
ලිහා ගන්නට මට බැරී....
කැරකැවෙන්නේ....
මංද පොළොවද.....
වෙන්ට බෑ තව මදි වෙරී......
අවට ඉන්නා එකා දෙන්නත්...
හීන් සීරුවේ මඟහරී....
වෙනදෙයක් වෙද්දෙන් කියල...
ඔහෙ ඈඳි ගමි හරි බරි ගැහී......

වේසපාලන කැරලි මර්දන.......
විරවිකුම් ගැන පැරණි
කම්පන.....
ගීත රාවය.....
භීත භාවය.......
සීත නෑ සියොලඟම ගින්දර.....
මා තලන රැඩිකල් මෝල් බව.....
ටොනික් එක්කල කැලතිලා......
ඒත් නෑ හිත මත්වෙලා......
නමුත් සිතිවිලි ඈත අහසේ....
රැහැන් නැතුවම තිත් වෙලා....

කියූ කියුමන්.....
කෙරූ පඬි කම්.......
කියල කියලම ඇල්වෙලා.....
හිතට නිවනක් සොයා හදවත.....
මරයි නීරස  කල්පනා.....
ග්‍රීස්ම කාලය....
ආදරේ......
ශුන්‍ය කාලය....
ජීවිතේ.......
තට්ට තනියම අවිඳු අන්දුරේ........
අළු සොයයි හිත පාළුවේ.....
එබී පතුලින් බෝතලේ....

Saturday, April 21, 2012

නිල මැස්සා....


හිත උඹට ඇබ්බැහි වෙලා....
ගත උණුහුමට ලොල් වෙලා...
ඔය කුණු සරීරෙට රිංගලා....
ඉන්න මොහොතක් එක්වෙලා.....
සිතුවිලි හොයයි උඹ රොක්වෙලා......
දහදිය ගලයි නෙත් තෙත්වෙලා.....
ඉවකරන මගෙ මෝඩ වල් හිත.....
හිරවෙලා උඹෙ ගූඪ යටි බඩ.....
නිල් නුවන් නම් නෑ පෙනෙන්නේ....
වපරැසින් නුඹ හති හලන්නේ...
කෑගසනු බෑ ආදරෙන්.....
හිත කැවෙයි ගිනි වියරුවෙන්.....
ඉන්න මොහොතක් යන්න නොමදී.....
එන්න ආයෙත් ඉපිල මතුවී...
හති වැටෙන තෙත ආදරේ....
ගෑවිල මගෙ මීටරේ.....
ඉන්න බෑ මට යන්න ඕනෑ.....
යන්න බෑ ඔබ ඉන්න ඕනෑ....
එක්ව සැනසෙමු ආදරෙන්.....
පස්සෙ වැලපෙමු සීරුවෙන්.....

Friday, April 13, 2012

ආයිබෝ....වෙවා.....



අවුරුදු.....
කන්ට කන්ට අමාරු වෙන.....
අවුරුදු.....
බොන්ට බොන්ට ආස හිතෙන.....
අවුරුදු.....
බලා ඉන්න බැරිතරමට සරු.....
අවුරුදු......
අහන් ඉන්න ලැජ්ජ හිතෙන.....
අවුරුදු......
නගරයෙ කුණු ගමේ එබෙන.....
අවුරුදු......
අනුන්ගෙ පදයට නැටවෙන......
අවුරුදු......
කොහෙ ගියත් මොනව කොලත්.....
කවුරු නැතත් කොහෙ බැළුවත්.....
කිරි ඉතිරෙන......
සිරි බබලන......
බර කිරුවට......
තෙල නොබිඳෙන.......
පණ නොගියත්.....
ෆින් පලදෙන.......
රටටම කිරි ෆිටි උතුරන.......
අවුරුදු......
නැකතට ෆිට් එක වැළඳෙන
අවුරුදු......
ගඟේ මාළු ඇඟේ නටන....
මෝල් ගහෙ දළු ලියලන.....
අමනයින්ගෙ ආයු බෝ වෙන.....
අවුරුදු.......
අම්මෆ...
කාටද ඔනි මේ අවුරුදු......


Friday, April 6, 2012

ලබ්බෙ තොවිලය.....



ජීවිතේම පස්සේ දුවන....
බාගයක්ම
පාරේ ගෙවන...
අපෙ story...
දඩ බඩෝස්....
Life එකම
ටොම් පචෝස්......
එහෙන් පඩිය.....
මෙහෙන් අඩිය...
ඔහේ වැයෙන හිත් melodyය…
ඉහට උඩින් එන වැස්සට.....
අපේ කුඩය කුඩා වැඩිය....

Same same වලේ යලී.....
වැටී නහින අපේ හැටී....
තෙමි තෙමි
හරි...
අත්තෙන් අත්තට
පැනගත යුතුව ඇතී...
දෙකින් එකක්
හංගා දිව
මුං පල්ලා දිවුරියැකී....
මාර මාර problemoස්
Like ඩෙංගි mosquitoeස්

වැලයන අතටම....
නොවුනට....
මැස්ස යසට ගසා තිබේ.....
එළිය අඳුර දෙක...
Balance..
කරන්නෙ සඳ මාමා පුතේ.....
Toss එක පැරදුනාට අෆි...
මැච් එක දින්නානෙ ඉබේ......
පාර මනින
හිකනලෝz...
Ministry of කකුළුවෝස්...

හිත ගිය තැන මාලිගාව....
කුළියට දීමටත් තිබේ.......
Coffiee වලට වඩා හොඳයි...
දන්න කියන කිරල ඇබේ......
ලේන්සුවට
වඩා පට්ට
ලන්සු ජංගි වලට තැබේ......
රේස් පදින
නාකියෝස්....
Cheer කරන Donkeyයෝස්....

Thursday, March 29, 2012

නිමේශය....



අව්ව වැස්ස මැද
දේදුන්න වගේ...
කඳුල හිනාව
අස්සෙ ආදරයත්...
මොහොතකට
පෙනිල
ආයෙම මැකිල
ගියත්...
ඒ දසුනෙ මතකය
අපි කොයි තරම් නම් කල්
හිතේ තියාගෙන
වමාරා කනවද අප්පා...

Wednesday, March 28, 2012

නීති රීති.....



අමුවටම
ඇත්ත නොවුනත්.....
අර....
නිව්ටන් කොල්ලා
ඒ කාලේ වෙලත්...
දොරේ....
හිල් දෙකයි නෙව..
කැපුව කියන්නෙ.........

Sunday, March 25, 2012

?????



සැනසුම කොහේ...
උඹ හැංගුනේ...
මට හමුවුණේ නෑනේ.....
අද වගෙ හිතේ...
රැඳිලා තියේ.....
අන්තිමට උඹ කී දේ......

සිතුවිලි ඔහේ.....
වැලපී හැපේ.....
මිදී සිඳී ජීවේ.......
උණුහුම මැකී....
ආදරේ සිසිරයේ
සලකුණු මැවේ.....

ජීවිත මගේ......
හැම වංගුවේ.....
මතු වෙච්චි ආලෝකේ.....
අද නෑ මගේ
ලොව පාලුවේ.....
ගන අන්ධකාරේ.....

Saturday, March 24, 2012

පටලැවිල්ල...


ඔබ එක්කලා...
පැටලී වෙලී
සිතිවිලි මගේ.....
ඇත පා වෙවී....
දුර අහසේ....
නිම් වලල්ලේ....
රැඳිලා......
හද බැඳිලා.....
රහසේ.....

හිත එක්කලා....
මැසිවිලි කියා.....
ආදර හැඟුම්....
ඇත වෙන් වෙලා......
සන්තානයේ......
කොනක සිරවී....
ඇත තනිකම....
අඳුරේ ගොළුවී...
තනිවී......

මා පසෙකලා.....
හිත දුර ගිහින්....
ඔබ පසුපසින්....
එක බැල්මකින්....
ඔය නෙතඟේ....
දිලෙන කැල්මේ...
බැඳිලා....
හදවත මා
මිදිලා......
බැඳිලා....

දුක වෙන්වෙලා....
සතුටට හොරෙන්....
සුසුමක නැගී.....
පියඹා ගොහින්.....
සිත් අහසේ......
තාරකාවෝ මකා.....
ඔබ සඳක් වී
පායා......
ආවා....

Thursday, March 15, 2012

BOX...



මම...
සහ මම...
තව මාමිලා ගොඩක්.....
ඇය
සහ ඇය...
තව ඇන්ටිලා ගොඩක්.....
අත් අල්ලාගෙන....
හිත් පටලාගෙන...
උඩ පැන්නට
බිම වැටෙන්නැතී......
බිම උන්නට
උඩ පෙනෙන්නැතී…….

අපි තවමත් අත දරුවෝ....
නුඹ කීවත් මට බැරියෝ.....
ඔය සෙල්ලම්
ඉස්සර වගේ.......
කොන්දට මගෙ බර වැඩියෝ.....
හීන් හඬින් කොඳුරන්නට.....
බෑ මයෙ හඬ ගොර වැඩියෝ.....
යථා රූප අඳින්න බෑ හිත
මම නොවෙයිනෙ කැරවැගියෝ.....

Sunday, March 11, 2012

ගල් මාට්ටුව....



මට හෙණ
බයත් එක්ක...
මගෙ හිතත් එක්ක...
කරුවලේ හිඳින්නට දැන් නම්...
පෙම් වලිප්පුවට.....
මූ කුලප්පු වෙල....
කිසි ගනිච්චියක් නෑ.....
සෙල්ලං.....
ඉසකුඩ්චියක් දා
තොලොන්ච්චි කෙරුමට.....
වැලටයින්ගේ ලෙල්ලම්.....
හදවත ලාචුවක ලා....
සීල් කලෙමි....
මම මාංචු ලා ඇහි පිල්ලං.....

ඇස් පියාගන්න නෑ....
නිදන්න බෑ.....
මල් පොහොට්ටුවක් හිත අල්ලං....
මට හිතා ගන්න බෑ..
හිතේ තියෙන දේ....
බලන් බලන අත
හොල්මං.....

පේන පේන අත
පැනල දුවන....
මගෙ නොසන්ඩාල
හිත පන්නං.....
අනංගයා අල්ලසක් අරන්...
මානනව මරන්නට...
වල්කං.....

Saturday, March 10, 2012

Pure ලව්.....



ඔබ ගැන හිත හිත...
හීන පල් වෙලා....
සුවඳ නැතිව....
හදවතම ගල් වෙලා.....
මුළු ලොවම
නැතත් ඔබ ඇතැයි...
සිතූ.......
මගෙ මෝඩ කල්පනා.....
ඇත තාම නිල් වෙලා.....
අනන්තයෙන් එහා
බලාගෙන....
හිස් දෙනෙත් මගෙ...
තාම තෙත් වෙලා.......
පිවිතුරුයි.....
මගෙ චේතනා......
කිව්වට සමාවෙලා......
ඔයා සාය අස්සෙ තාම
සිතිවිලි...
අතරමංවෙලා.....

ආදරේ.....මගෙ ආදරේ....
හිතට නොදැනෙන...
අතට අහුවෙන......
නෙතට පැටලෙන....
තෙතට ගෑවෙන…….
මතට බර…
සිරාම.......
ආදරේ......

දැක්කත් ඇති.....
ඇතිවෙයි කිති.....
ලේ උනයි....
මොළයත් නිදී.......
හුස්මකින් ඩාබිඳු මැකී....
මේ සොඳුරු උණුහුම...
නිමල ගිනියම....
මාව දාල
යන්නෙ නැති හැටී......

Monday, February 20, 2012

තිත...



ඈතින් ඉඳන්
මම
බලාඉමි මාගේ දෙස....
දොතින් අරන්...
බරට...
හිස්බව ඔහේ එන....
මතකය...
අමතකය.....
දසතම
නිසසලය.....
හදවතේ ගැස්මටත්.....
අද මාව අමතකය....
සිතුවිලි මැවී...මැකී...
යයි අතැර සැනෙකිනී.....
අරමුණක් සොයන්නට...
මොළ වැස්ම අර අඳී.....
ගතේ රැඳි
උණුහුමට.....
ලොබ බඳින සිතිවිලී......
ඇදී යයි...
පාවෙලා.....
සමග දුක් මැසිවිලි....
සතුට අසරණවෙලා.....
අතරමඟ ඇණතියා.....
කාලයට
ඉඩදීල......
මගේ ලොව නැවතිලා......

Sunday, January 15, 2012

වමාරා කෑම....



දෙසීයක් මගෙ හිතේ පොට් වුනු....
මෝල් හිතිවිලි කියවලා....
දුන්න Support එකට
මම නැත කෙළෙහි ගුණයක් දක්වලා....
සමාවෙන්නට ඕනි ගැත්තට.....
Unicode නැත සතියෙ දිනවල....
ලියන ඩිංගත් ගෙදර ආවම
හිත වගෙම මගෙ පල්වෙලා......
හොයාගන්නට නැවුම් හිතිවිලි....
අසීරුයි හද ගල්වෙලා....
මගේ ආතල් Fullම Nil වී......
ජීවිතේ ඇත Dull වෙලා........

Saturday, January 14, 2012

The බොසා....



තමුන් කොයිතරම්
ඇදේට ගියත්....
ඉඳ හිට රවුමෙම
කැරකුනත්.......
තම යටත් වැසියන්
කෙලින් යන්න යොමුකරන එක
කොයි තරම් නම්
ශ්‍රේෂ්ඨ කිරියාවක්ද අම්මප.....
අනේ වාසනාවං......
අපිටම ඇරපං....

Saturday, January 7, 2012

කලකට පස්සේ වෙලකට බැස්සේ....



දන්නා පැත්තක
නොද්දන්න අස්සක......
මුල්ලක හැංගී....
ඉන්න සඳේ....
කොයි අව් අස්සක......
එන්ඩ ලැබේවිද...
හිත හිත
ලතවෙමි නිරන්තරේ.....
දෙන්න දෙපැත්තට
පැද්දෙන තාලෙට.....
හිත ගැස්සෙයි.....
මයෙ සැරින් සැරේ....
මල් පැණි විතරයි
තනියට ඉන්නේ.....
පාළුව වෙයි මගෙ
පරස්පරේ......

හිත යන පැත්තේ.....
පිණිදිය හිස්වේ.....
උණුහුම අස්සේ....
ගත මුසපත්වේ.....
හිත යට කැරකෙන
ජරමර අස්සේ.....
කලකට පස්සේ
වෙලකට බැස්සේ.......

බකන්නිලාගෙන....
හුළං උරාගෙන......
වැටී හිඳිමි.....
මාකටින් හිලේ......
පිටින් බලන උන්
දකින්නෙ දැන්
සිරිමත් මැන්චෝසන්
සර් වගේ.......
වෙරළු මල් සුවඳ
පිළුනුවෙලා......
යටලීයේ පිපි මල්
පරණවෙලා....
බලන බලන අත
Blank වෙලා....
මගෙ සුන්දර වල් හිත
Freeze වෙලා....