Monday, February 20, 2012

තිත...



ඈතින් ඉඳන්
මම
බලාඉමි මාගේ දෙස....
දොතින් අරන්...
බරට...
හිස්බව ඔහේ එන....
මතකය...
අමතකය.....
දසතම
නිසසලය.....
හදවතේ ගැස්මටත්.....
අද මාව අමතකය....
සිතුවිලි මැවී...මැකී...
යයි අතැර සැනෙකිනී.....
අරමුණක් සොයන්නට...
මොළ වැස්ම අර අඳී.....
ගතේ රැඳි
උණුහුමට.....
ලොබ බඳින සිතිවිලී......
ඇදී යයි...
පාවෙලා.....
සමග දුක් මැසිවිලි....
සතුට අසරණවෙලා.....
අතරමඟ ඇණතියා.....
කාලයට
ඉඩදීල......
මගේ ලොව නැවතිලා......

3 comments:

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

කාලයට ඉඩ දි නැවතිච්ච ජීවිත අදකාලේ ඕන තරම්!
ලස්සන සිතුවිල්ලක් යාළු!

ayesha said...

හ්ම්.අපි හැමෝටම ඔකනේ ඉතින් වෙලා තියෙන්නේ

සම්පත් / jt said...

අපි සතුට කියල හිතාගෙන ඉන්න හැම දෙයකම ඇතුලාන්තයෙ දුක සැඟවිලා තියෙන්නෙ..අපිට ඒක ඒ වෙලාවට නොතේරෙන එක තමයි අවුල
ජයවේවා..!!!