Sunday, March 11, 2012

ගල් මාට්ටුව....



මට හෙණ
බයත් එක්ක...
මගෙ හිතත් එක්ක...
කරුවලේ හිඳින්නට දැන් නම්...
පෙම් වලිප්පුවට.....
මූ කුලප්පු වෙල....
කිසි ගනිච්චියක් නෑ.....
සෙල්ලං.....
ඉසකුඩ්චියක් දා
තොලොන්ච්චි කෙරුමට.....
වැලටයින්ගේ ලෙල්ලම්.....
හදවත ලාචුවක ලා....
සීල් කලෙමි....
මම මාංචු ලා ඇහි පිල්ලං.....

ඇස් පියාගන්න නෑ....
නිදන්න බෑ.....
මල් පොහොට්ටුවක් හිත අල්ලං....
මට හිතා ගන්න බෑ..
හිතේ තියෙන දේ....
බලන් බලන අත
හොල්මං.....

පේන පේන අත
පැනල දුවන....
මගෙ නොසන්ඩාල
හිත පන්නං.....
අනංගයා අල්ලසක් අරන්...
මානනව මරන්නට...
වල්කං.....

1 comment:

ayesha said...

අපූරුයි