Saturday, March 24, 2012

පටලැවිල්ල...


ඔබ එක්කලා...
පැටලී වෙලී
සිතිවිලි මගේ.....
ඇත පා වෙවී....
දුර අහසේ....
නිම් වලල්ලේ....
රැඳිලා......
හද බැඳිලා.....
රහසේ.....

හිත එක්කලා....
මැසිවිලි කියා.....
ආදර හැඟුම්....
ඇත වෙන් වෙලා......
සන්තානයේ......
කොනක සිරවී....
ඇත තනිකම....
අඳුරේ ගොළුවී...
තනිවී......

මා පසෙකලා.....
හිත දුර ගිහින්....
ඔබ පසුපසින්....
එක බැල්මකින්....
ඔය නෙතඟේ....
දිලෙන කැල්මේ...
බැඳිලා....
හදවත මා
මිදිලා......
බැඳිලා....

දුක වෙන්වෙලා....
සතුටට හොරෙන්....
සුසුමක නැගී.....
පියඹා ගොහින්.....
සිත් අහසේ......
තාරකාවෝ මකා.....
ඔබ සඳක් වී
පායා......
ආවා....

5 comments:

Unknown said...

Good one machan..!

Unknown said...

ආයි ආවනං අවුලක් නෑ නේ....

ayesha said...

ඒ පායා ආ සඳ
බැස නොයා රැඳේවා

පබලු said...

සඳක් වෙලා පෑයුවනම් ආයෙ මොකටද තරු

Dinesh said...

අළුයම බැස ගිය සඳ
ආයෙම පායා ඇවිත් සවස..