Friday, April 6, 2012

ලබ්බෙ තොවිලය.....



ජීවිතේම පස්සේ දුවන....
බාගයක්ම
පාරේ ගෙවන...
අපෙ story...
දඩ බඩෝස්....
Life එකම
ටොම් පචෝස්......
එහෙන් පඩිය.....
මෙහෙන් අඩිය...
ඔහේ වැයෙන හිත් melodyය…
ඉහට උඩින් එන වැස්සට.....
අපේ කුඩය කුඩා වැඩිය....

Same same වලේ යලී.....
වැටී නහින අපේ හැටී....
තෙමි තෙමි
හරි...
අත්තෙන් අත්තට
පැනගත යුතුව ඇතී...
දෙකින් එකක්
හංගා දිව
මුං පල්ලා දිවුරියැකී....
මාර මාර problemoස්
Like ඩෙංගි mosquitoeස්

වැලයන අතටම....
නොවුනට....
මැස්ස යසට ගසා තිබේ.....
එළිය අඳුර දෙක...
Balance..
කරන්නෙ සඳ මාමා පුතේ.....
Toss එක පැරදුනාට අෆි...
මැච් එක දින්නානෙ ඉබේ......
පාර මනින
හිකනලෝz...
Ministry of කකුළුවෝස්...

හිත ගිය තැන මාලිගාව....
කුළියට දීමටත් තිබේ.......
Coffiee වලට වඩා හොඳයි...
දන්න කියන කිරල ඇබේ......
ලේන්සුවට
වඩා පට්ට
ලන්සු ජංගි වලට තැබේ......
රේස් පදින
නාකියෝස්....
Cheer කරන Donkeyයෝස්....

4 comments:

Unknown said...

හේමාලයෝ කවි ටික නං එළ...මේ පිංතූරේ සම්බන්දේ මොකක්ද..

Dinesh said...

හේමාල් අයියා කලින් ලිවුව කවි කීපයකම් අදහස් මේකට එකතු කරලා වගේ හැගීමක් ආවා බලද්දී..

හුටපටයා said...

දවසේ බාගයක්ම පාරේ ගෙවන කෙනෙක් මාත් . . Life Storyයෙන් වැඩි හරියක් පාරේ තමා

ayesha said...

නියම කවි ටික