Thursday, April 26, 2012

කණිසම.....



එන්ට එන්ටම අවුල වැඩිවෙයි
ලිහා ගන්නට මට බැරී....
කැරකැවෙන්නේ....
මංද පොළොවද.....
වෙන්ට බෑ තව මදි වෙරී......
අවට ඉන්නා එකා දෙන්නත්...
හීන් සීරුවේ මඟහරී....
වෙනදෙයක් වෙද්දෙන් කියල...
ඔහෙ ඈඳි ගමි හරි බරි ගැහී......

වේසපාලන කැරලි මර්දන.......
විරවිකුම් ගැන පැරණි
කම්පන.....
ගීත රාවය.....
භීත භාවය.......
සීත නෑ සියොලඟම ගින්දර.....
මා තලන රැඩිකල් මෝල් බව.....
ටොනික් එක්කල කැලතිලා......
ඒත් නෑ හිත මත්වෙලා......
නමුත් සිතිවිලි ඈත අහසේ....
රැහැන් නැතුවම තිත් වෙලා....

කියූ කියුමන්.....
කෙරූ පඬි කම්.......
කියල කියලම ඇල්වෙලා.....
හිතට නිවනක් සොයා හදවත.....
මරයි නීරස  කල්පනා.....
ග්‍රීස්ම කාලය....
ආදරේ......
ශුන්‍ය කාලය....
ජීවිතේ.......
තට්ට තනියම අවිඳු අන්දුරේ........
අළු සොයයි හිත පාළුවේ.....
එබී පතුලින් බෝතලේ....

2 comments:

Pasan said...

දැන් හැමදෙයක්ම කියලා ඉවරයි වගේද....

අළු සොයන පාළුවේ
කිමද මුළු සිතම අදුරේ
පාවෙන්න සිත ආදරේ
තාම නැත වෙරි මා ගතේ

Dinesh said...

බෝතලේ පතුලේ කිමිදිලා මිනිස්සු කොච්චර දේවල් හොයන්න උත්සාහ කරනවද?