Sunday, April 29, 2012

බොරු වැල්ල



මඩ ගොහොරුවක...
කෙලින් ඉන්දාපු
ඇදවෙච්චි
ඉන්නක් උඩ...
තනිවෙච්චි හී තුඩක්...
ඒක මත
ගෑවිච්චි....
පරවෙච්චි හීනයක්....
හොයගෙන ඇවිත්..
නිල මැස්සෙක්.....
පාරනව...
හොය හොය...
කුණු රසය...
තව තවත්...
බුර බුරා නැගෙන
ගිනිදැල්ලෙ
එලියටත්...
බය නැහි හැටි විතරක්...
ඒ ගින්නෙ දියවෙච්චි.....
හද විමන්..
ඇද හැලෙයි...
නෙතු දොරින්...
නොනැවතී සීරුවෙන්....
කැගසන්නට තනන..
සිතැඟි
අඩ නිරුවතින්.....
එරි එරී...යලි යලිත්....
මතුව එයි....
ගොහොරුවෙන්......

3 comments:

Dinesh said...

ජීවිතේ හැටිද මේ?

The තරුවා said...

යතාර්තය.....

Sanjaya Dissanayake said...

අනිවාර්යෙන්ම