Saturday, June 2, 2012

පේන හීන.....



තරු එළියේ...
හීන හැංගිලා.....
ඔබ එන තුරා.....
ඉන්නවා බලා....
මගෙ දිවියේ...
ආලෝකය මවා....
අවදිකලා…..
අමාවක නිමා.....
වෙලා....

මන්ද ස්මිතයෙන්...
සැරසිලා....
බලන්න මා දිහා.....
සිහිනෙන් පවා...
ඔබ කී කතා.....
හැබෑවක්ම වෙලා.....
කඳුළැලි මකා.....
දුක අතරමං කර....
යන්න පාවෙලා.....
අතරින් දුහුල් වලා......
ඔබ එන්න මා කරා...

ක්ෂේම භූමියෙන්
සැඟවිලා....
සිත යයි මුලාවෙලා.....
නෙතඟින් පවා
ඔබ කී කතා
ඉනාවක්ම වෙලා....
සිතිවිලි උනා...
හිත නිරුවතින්
අසරණයි මෙමා....
හිනාවක් වෙලා......
ඔබ එන්න මා කරා....