Sunday, July 22, 2012

නිසා......



විස්කිවලට කියන්නෙපා......
මට වැඩි වුනු බව....
බිත්ති වලට කියන්නෙපා
අමතකවුනු වග.....
සැන්ඩිවලට දැනෙන්නේ නෑ...
කවළම් වුනු බව.......
අහක ගියත් බනින්නෙපා.....
වැමෑරුවේ දුක....

අනේ අහක බලන්නෙපා......
අහසේ තරු ඇට......
දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....
හිත කුටියෙන් පිට....
මතක වතුර කැළතී විසිරී
යයි බව දුක......
පෙන පිඩු මත රැඳී ඉන්න
දඟලයි සෙනෙහස......

දෙනෝ දහක් දුටුවත්
අහසේ ඇති පුන්සඳ......
ඇයි මට විතරක් මේ හැමදාම
අමාවක......
නියොන් එළිය කුළියටගෙන
ඉන්න සදාටම.....
එන්න ඇවිත් අරන්යන්න
හදේ ගාන්චුව.....