Sunday, July 22, 2012

නිසා......



විස්කිවලට කියන්නෙපා......
මට වැඩි වුනු බව....
බිත්ති වලට කියන්නෙපා
අමතකවුනු වග.....
සැන්ඩිවලට දැනෙන්නේ නෑ...
කවළම් වුනු බව.......
අහක ගියත් බනින්නෙපා.....
වැමෑරුවේ දුක....

අනේ අහක බලන්නෙපා......
අහසේ තරු ඇට......
දුටුව නමුත් පෙනෙන්නේ නෑ.....
හිත කුටියෙන් පිට....
මතක වතුර කැළතී විසිරී
යයි බව දුක......
පෙන පිඩු මත රැඳී ඉන්න
දඟලයි සෙනෙහස......

දෙනෝ දහක් දුටුවත්
අහසේ ඇති පුන්සඳ......
ඇයි මට විතරක් මේ හැමදාම
අමාවක......
නියොන් එළිය කුළියටගෙන
ඉන්න සදාටම.....
එන්න ඇවිත් අරන්යන්න
හදේ ගාන්චුව.....

6 comments:

මාරයාගේ හෝරාව said...

නන්දක්කගේ සින්දුවක් මතක් උනා...

දුමී said...

මදුවිතෙන් හදවත සංවේදීම තැනක් විවරවූ මොහොතක්...! අපි හැමෝගේම ජීව්ත කතාවෙන් අල්පමාත්‍රමය කොටසක්....!

Pasan said...

මූ කාලෙකින් එනවා.. ඇවිත් ඔලුව විකාර කරලා යනවා.. හික්ස්..:-D

Dinesh said...

ගොඩක් කාලෙකින් අපූරු කවි පෙලක්..

ayesha said...

amuthu lassanak

Chatura Wijekoon said...

නියමයි..