ගසා අඬබෙර....
වසා මුවදොර.....
සිනාසෙමි මම...
ඇඬූ කඳුලෙන.....
බිඳී විසිරුණු....
පැතුම් පොදි බැඳ......
මුවා කෙරුවෙමි....
හදේ ගිනියම......
හිතේ මැලවෙන...
මහා තනිකම....
මකා ඇවිලෙයි...
මතක සිතුවම.....
සිහින ඇහැරෙන...
මහා පිපුරුම...
ලඟම එයි...
පුපුරුවාගෙන කස....
විදා හල හිස්...
නෙතේ කඩතුර....
ගසා හල අළු...
මවයි උදහස.....
මරා මදහස.....
පුරා නුඹ කුස....
සරයි කිළුටින්....
සිලිටි වුනු හිත......
විරාගී මන....
තලා පොඩිකොට....
සරගී නෙතු
මකයි සරතැස.....
විලම්භීතව
සිනාසෙමි මම....
මගේ විජිතය...
අරාජික කොට....
අමන්දානන්දයට
මූලික
හේතු ප්රථ්යය
නොවේ සත්‍යය.....
මේ වසන්තය
සදානන්දය
දුක අනන්තය....
මා අනාථය......