Saturday, October 13, 2012

මුලු මට්ටම....



අන්ධ බූත ජාතකයේ
බමුණාවෙමි මං.....
සියුමැලි අතකින්
එන හැඩි දැඩි පහරට ලොල්....
කඩතුරාව තුලින් දුටිමි...
ඔබේ කුමරුවන්...
ඒත් මහද තවම ලොබින්....
සොයයි පහස කම්.....

ආදරයට...
ආදරයක්....
නැහැ නොවෑ කිසි කම්පාවක්...
ජීවිතයට
ජීවිතයක්...
කොහෙද ඉතින් සංකාවක්.....
ලොබ බඳිනෙමි....
තිදොසට......
මට නම් නෑ ඉවසිල්ලක්....
සංසාරේ
තව දුර......
මරණය මහ රැවටිල්ලක්.....

ජාති ජාති.....
පතාන ආ....
ආදරේට නැවතිල්ලක්......
ඉපදුනු දා පටන්
පැතූ.....
ඉස්පිල්ලට පාපිල්ලක්......
දොස් පවරමි
මම මට.....
නැතිවට කිසි සැනසිල්ලක්....
රමණය අග
මරණය....
මැකිළියෙ තිට මැසිවිල්ලක්.....

4 comments:

චමී4යූ~chami4u said...

එල..ඈ

Anonymous said...

:) අපූරුයි!

සිරාගෙ කාමරේ said...

ලස්සන පද ගෙත්තමක්... ආදරයේම කොටු නොවී වෙනස් වෙනස් මාතෘකා අරභයා පද ගෙත්තම් කරන්න උත්සාහයක් ගන්න... ජය !

ayesha said...

නියමයි