Friday, November 23, 2012

වතුර....



තුරුළු කරන් බැන අඬගෑවට
දන්නවද
මම උඹට ආදරේ විත්තිය
බලන්ට එපා
ඔහොමටම
නෝක්කාඩුවෙන්
හිත බරවෙනව
මටත් නොදැනිම
මහ පුදුම හිස්කමකින්
බලාපන් අර හැංගිලා ඉර
ඒත් සුලඟට පවා
කැවී ඇත එහි සැර වැර....
ආකාහෙ නෙතු පියාගෙන
සැරසෙන්නෙ කඳුලක් සලන්නට
ඉතින් ඇයි මෙ නුඹේ කඳුලැලි
හීන මල්පෙති හේම නොතෙමන්
මාත් උඹ වාගෙම අසරණයි
මේ කටුක පොළොවේ
වියළි ගිනි ගහන පිට මත
තවත් එක කූඹියෙක් විතරමයි
මම....
පියාගෙන ඔය දෙනෙත්
මදකට බාරකොට නුඹේ
හිස මයෙ ළමැදට
තාලයට හද ගැහෙන
හීනයට පිවිසෙන්න
ඒ හීනෙ මට ඉන්න
පොඩි ඉඩක් තියාපන්..
මොකට වැට මායිම්ද
ජලයට වඩා උකුයි ලෙය