Sunday, December 30, 2012

Aqua Tofana....



කුළුගෙඩියකට
යටවී මළ
මිණිගෙඩිය...
තවමත් රැව් දිදී
පාරයි...
හද කුටිය......
මෝරන කැකුළු
සිතිවිලි
මල් අමතමින......
පවසනු නොහැක ඒ වත
හඬ ගොරහැඩිය....

සිත් අග ලෙළෙන
උදහස නෙත් කැනින් මකා.....
ලත් හිරු සේම
පෙරඹර ලප කැළැල් අකා....
රෑ අඳුරකට පෙම් බැඳ
දොර පියන් වසා......
පත් ඉරු මලෙක
විස ලූ වෙමි හැඟුම් නසා.....

8 comments:

සචිත් said...

:D apuruyi...වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...

meegodaya said...

විරහවද වියෝගයද මන්දා.. හරියටම පැහදිලි නැතත්.. වචන හරබය මට හරි අපූරුවට දැනුනා

අග්නි ධාරා... said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්

ayesha said...

m..m

හැලපයා said...

මම ප්‍රශ්නයක් අහන්නද?කවියට කිසිම සම්බන්ධයක් නැති ඇක්වා ටොෆානා වගේ නමක් මාතෘකාවට දැම්මේ ඇයි?

Shadow/හේමලයා said...

@ Halapa Kade
Aqua tofana was the best gift for being unfaithful...:P...

සිරාගෙ කාමරේ said...

නිමිත්ත පැහැදිලි නැතත් ලියවිල්ල අගය කරමි. ඇපල් ගෙඩිය ලස්සන වුවත් ඇට තුල ඇමෝනියම් ඇත.

Anonymous said...

දුක හාදු දෙන රෑයෙ හිත පතුලටම වෙලා යොවනෙ අපට විය විරහි හද ගිලන් වෙලා