Friday, February 15, 2013

තෝන් ලණුව......



උස්ස උස්ස දුන්නට
මේ බැස්ටිය......
මාරු කරන්
හරි හරියට යශ්ඨිය......
ඕනි දාට
කොහෙවත් නැති කස්ටිය.......
පේන කියන්ඩයි....
ඕන් ලැහැස්තිය......

සීරු මාරුවට
දිරාමාරුවී.....
පීරිගෑව නම්බුවට
මුවාවී.......
පංගු පේරුවට....
නෝක්කාඩුවී.....
වැලයන පැත්තට
හේත්තු වේවී.......

සිරික්කියට බර
නැති අඩුපාඩු.....
කිරිච්චියට වැඩි
මුව අත ලාපු......
අවීචියෙන් පිටුවල්
කර දාපු......
චීත්තයක් නාගෙන
ඇත ලාටු....



3 comments:

Abeetha Edirisinghe said...

කාලෙකට පස්සේ හේමලයා ඇවිත්.... කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකට පළවෙනියටම කමෙන්ට් කරපු උඹට මොකක්ද බන් වෙලා තියෙන්නේ....

මේ කවි වලට වඩා උඹේ අර පොඩි කවි වලට මම ආසයි...

ayesha said...

niyamai yalu

අග්නි ධාරා... said...

ම්හ්..........ටේලුනේ නෑනේ....:/