Wednesday, February 20, 2013

හිස් පහස



දෑත බැඳ ඇත
දෑස නිදි නැත
සිතේ දොරගුළු පළුදුවී ඇත....
සීත රෑ මැද....
නිමල ගිනිසිළු....
යහන පාමුල.....
වියැකෙමින්.....
යොවුන් ප්‍රෙමයෙ....
අඳුරු නටඹුන්...
විටින් විට....
එයි මතුවෙමින්.......
බරිත ඇතිරිලි...
සලිත කරමින්.....
තෙමුනු කොමු පිළි
වියැලෙමින්.....
කොහේවත් නැති
හීන අමුවෙන්....
පල දරා ඇත තනිකමින්.....
අතුල හැඟුමන්.....
ගූඪ කෙසුරක......
සුස්මකට යටවී හෙමින්......
බිඳී විසිරෙයි නලියමින්......

1 comment:

Anonymous said...

Nice