Friday, March 8, 2013

අවබෝධය



කුසීත සිතිවිලි....
විනීත ලෙස විත්.....
අනාථ කරවයි.....
පෙරූ පෙරුම්....
සනාථ විය....
ඇස් පනා පිටම...
නුඹෙ ප්‍රේම සලාකයෙ....
කිරුම් මිනුම්....

ලිහී ගොසින්...
විළි වසා ඇඳන් උන්....
සළුව සෙළුව හා
මිතුරු වෙසින්....
පලා දුවන්නට සිතේ මෙමට....
රහසින් අඩකුඹු.....
ජය කොඩිය වෙතින්.....

සෙනේහයේ
මල් පරාග තැවරුණු.....
සරා සිහින
පල්වෙලා සොවින්....
සීත සමීරෙට....
භීත වෙලා ඇත.....
නුරා ගින්න
ඇල්වෙලා ගොසින්.....

1 comment:

Chamila said...

කාලෙකින් මේ පැත්තෙ ආවේ... උඹ දිගටම ලියල නොවැ.
ගානට සෙට් කරපු වචනයි, රිදම් එකයි මරු මචන්!