Saturday, April 27, 2013

ආදරණීය හුදකලාව.....



තනිව හිඳිමි මම
සරණක් නොමැතිව
කොයි කවුරුත්
නො එනා මාවත මැද.....
අසුරු සැනින්
සුණු විසුනුව යන්නට
බිඳුණු සිහිනයට
වාරුවෙලා...
මේ නොම නිමැවුනු
විරහ හඟුම් මැද
සිහින ඉතින්
යනු මා දමා
නිසල සිතින්
හිඳිමී බලා.....

සිහින පැතුම් රුක්....
ඉදිරී වැටිලා...
ඉදී සිඳී ඵල
අවාරයේ.....
උහුලාගෙන මේ
ගින්න තවත් නම්
ඉන්නට බෑ මට
නිසංසලේ....
පාට පාට තැවරී
හද පාමුල
සිතුවම දියවී
ගලා හැලේ.....

රැයේ සොඳුරු සඳ
කැල්මට ඉඩදී
පහන් තරුව
කිම මුවාවුනේ.......
කැඩපත හමුවේ
දෙනෙත නිරුවතින්
සොයයි හැඩය
සන්තානයේ......
සිත්මල පාමුළ
වත්සුණු තැවරී.....
මලේ සුවඳ පොද
හඬාවැටේ.......

4 comments:

දිලිනි said...

hudakalava sonduru yeyi mata nam sitheyi.

WildRose/SnowDrop said...

Another lovely poem..keep going!

Dinesh said...

හුදෙකලාව හුඟාක් වෙලාවට සොදුරුයි හේමාල් අයියේ..

දිලිනි said...

කලින් බ්ලොගයට මොකද්දෝ අටමගලක් විය. වෙලාවක මේ පාරෙන් එන්නෝ....http://kurutugegeepota.blogspot.com/