Wednesday, September 25, 2013

හීනමානය


හීන ගනිමි
මං දහවල්.....
අව්ව තපිනකන්
සිතිවිලි...
ප්‍රේම කරනකන්
හොඳ කවි......
දැන් හොඳටම
නරක් වෙලා....
විසේකාර
නන් දොඩවන
විතක් එක්ක
හාදවෙලා....
හිතේ අඳුරු තැන්
සොය සොය......
පෙළයි දැවෙන
හාදු තියා...
සින්න වෙන්න
දෙන්නෙ කෝම
තියෙන එකම
හදවතත්....
එන්න ඇවිත්
අරන් යන්න....
එපා ඔබේ
මතකයත්.....

5 comments:

Buru Babe said...

කාලෙකට පස්සේ මා ඔබේ සටහනක් දකින්නේ?
මොකෝ ඉස්සර වගේ නොලියන්නේ දැන්?...

Unknown said...

හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ, අරන් ගියා ඈ ඇගේ ආදරේ..

Dinesh said...

ඉදලා හිටලා ලිවුවත් තාම හේමාල් අයියගේ කවි වල සුන්දරත්වය එහෙමමයි..

සිරාගෙ කාමරේ said...

හේමලයා...නිතරම ලියපන් බං...

ayesha said...

නියමයි