Tuesday, November 19, 2013

පොරොන්දුව....


බිඟු නද
ඇසුනිද ?
තනිකඩ සියපත
දළ හකුලාගෙන
ඉකි බිඳිනා.....
රිදවනු නොව
හිමිහිට රොන් ගන්නම්
එහෙත් නොවෙමි
මම සමනලයා....
ඇසුවෙද ? දුටුවෙද ?
මල් රොන් හැර
මල් සුවඳින්
සැනසෙන වන බඹරා....
පරවුනු මල ලඟ
ලතවෙනු බැහැ මට
කාලය කාගෙත්
පසමිතුරා....

සෙනෙහස වෙනසක
අනුහස විඳ සිඳි
අදහස් රහසෙම
ළමැද හොවා....
හිතවත්කම මත
නුරාව අතුරා
හිමිහිට වැතිරෙමි
යහන තලා.....

උදහස් අදහස්
පටු ඉරි මදහස්
සුරත් දෙතොල් පෙති
අතර රුවා....
ආපසු එන්නම්....
රොන් අරගන්නම්
යන්නම වෙයි
බැහැ වෙන්ට පමා....

2 comments:

Anonymous said...

හ්ම්ම්, පද වැල් ලස්සණ යි. ඒත් කොමෙන්ටුවක් දාන්න හරි අමාරු යි. පොඩිත්තක් හොයලා බැලුවොත් නරක ද?

Unknown said...

පමා වී පිපිණු මල් සුවඳ යි :)